ඇයගේ විවාහ දිනයට සතියකට පෙර සාරාගේ විවාහ ගිවිසුම බිඳී ගියේය. ඇයගේ දුක සහ බලාපොරොත්තු බිඳීම මධ්‍යයෙහි ඇයගේ විවාහ මංගල්‍යයට මිළදී ගත් ආහාර නාස්ති නොකිරීමට ඇය තීරණය කළාය. කෙසේ වෙතත් ඇය සැමරීමේ සැළසුම වෙනස් කිරීමට සිතුවාය. ඇය තෑගි මේසය ඉවත්කර ආරාධිත ලැයිස්තුව වෙනස් කළාය. නිවාස නැති අයට මංගළ්‍යයට ආරාධනා කළාය.

ඵරිසිවරුන්ට කථා කරමින් යේසුස්වහන්සේ එවැනි බැඳීම් නැති කරුණාව අගය කරන බව කී සේක. “නුමුත් නුඹ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න.” (ලූක් 14:13-14). උන්වහන්සේ පෙන්වූයේ් මෙවැනි ආරාධිතයන්ට නැවත ඔබට දීමට නොහැකි නිසා දෙවියන්වහන්සේ ඊට පිළිතුරු ලෙස ආශිර්වාද දෙන බවය. සමාජ සේවා ආධාර මනහර කථා සහ සමාජ සම්බන්ධතා සැපයිය නොහැකි අයට ආධාර කිරීම යේසුස්වහන්සේ අගය කළ සේක.

ඵරිසිවරුයෙකු විසින් සකසා තිබු භෝජනයක් වේලාවේ මේ කථාව කී බැවින් උන්වහන්සේගේ වචන දැඩි බවත් කේන්තිය ඇවිස්සෙන සුළු බවත් අපට පෙනේ. නමුත් සත්‍ය ප්‍රේමය යනු අප නැවත බලාපොරොත්තු නොවී වෙන අයෙකුගේ අවශ්‍යතාවය සැපිරීමට දීම ය. යේසුස්වහන්සේ අප එකිනෙකාට ප්‍රේම කළේ එසේය. උන්වහන්සේ අපගේ අභ්‍යන්තර දුගීකම දැක උන්වහන්සේගේ ජීවිතය දුන් සේක.

යේසුස්වහන්සේ දැන ගැනීම යනු උන්වහන්සේගේ අපරිමිත ප්‍රේමය තුළට ගමනකි. “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ දිග පළල සහ ගැඹුර” දැන ගැනීමට අප සියලු දෙනාටම ඇරයුම් කර තිබේ (එපීස 3:18).