මාත් මගේ මිතුරියත් ඇවිදින අතර අප බයිබලයට දක්වන ආදරය ගැන කථා කළෙමු. “මම පරණ ගිවිසුමට එතරම් කැමති නැහැ. ඒකේ පළිගැනීම තියෙනවා – මට යේසුස්වහන්සේ ඇති!” යයි ඇය කී විට මම පුදුමයට පත්වීමි.

නාහුම් වැනි පොතක් කියවන විට අපට ඇය සමග එකඟ විය හැකිය. “ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය;” (නාහුම් 1:2). නමුත් ඊළඟ පදය අපට බලාපොරොත්තුවක් දෙයි. “ස්වාමීන්වහන්සේ ඉවසිලිවන්තව බලයෙන් මහත්ව සිටිනසේක” (3 පදය).

අප දෙවියන්වහන්සේගේ කෝපය ගැන ගැඹුරෙන් බලන කල උන්වහන්සේ එය ක්‍රියාත්මක කරන විට බොහෝ විට උන්වහන්සේගේ සෙනග හෝ උන්වහන්සේගේ නාමය හෝ ආරක්ෂා කරන බවක් අපට පෙනේ. උන්වහන්සේගේ උතුරා යන ප්‍රේමය නිසා වැරදිවලට සාධාරණයද උන්වහන්සේගෙන් ඉවත්ව සිටින අයගේ මිදීමද සොයන සේක. අප මෙය පරණ ගිවිසුමේ උන්වහන්සේගේ සෙනග නැවත කැඳවීමේදී පමණක් නොව අලුත් ගිවිසුමේදී අපගේ පාපවලට පුජාවක් ලෙස උන්වහන්සේගේ පුත්‍රයා එවීමේදීද අපි දකින්නෙමු.

දෙවියන්වහන්සේගේ චරිතයේ අභිරහස් අපට නොතේරෙනවා විය හැකිය. නමුත් අපට විශ්වාස කළ හැක්කේ උන්වහන්සේ සාධාරණය ක්‍රියාත්මක කරනවා පමණක් නොව සියලු ප්‍රේමයේ මුලාශ්‍රයද වන බවය. අප උන්වහන්සේට භිය විය යුතු නැත. “ස්වාමීන්වහන්සේ යහපත්ය, විපත්ති දවසේදී බලකොටුවක්ය; උන්වහන්සේ තමන් කෙරේ විශ්වාසය තබන්නන් දන්නාසේක.” (7 පදය).