එය මා කරදරයෙන් සිටි සතියකි. ශක්තිය හීනවී ධෛර්යයක් නැතැයි මට හැඟුණි. ඊට හේතුව සොයා ගැනීමට මට නොහැකි විය.

සතිය අවසානයේ මාගේ නැන්දා කෙනෙකුගේ වකුගඩු ක‍්‍රියාත්මක නොවන බව මට ආරංචි විය. එහි යා යුතු බව මම දැන සිටියෙමි. නමුත් අවංකව කියන්නේ නම් ගමන කල් දැමීමට මට සිතුණි. කෙසේ නමුත් මම එහි ගියෙමි. එහිදී අපි රාත්‍රි අහාරය ගතිමු. කථා කළෙමු. එකට යාච්ඤා කළෙමු. පැයකට පසු මම ගෙදර ආවෙමි. දින ගණනාවකට පසු මට යම් ජ්වලිත කමක් ලැබුණි. මා කෙරෙහි අවධානය යොමු නොකර වෙනත් අයෙකු වෙත අවධානය යොමු කිරීම මාගේ ආකල්පය වෙනස් කර තිබුණි.

මනෝ විද්‍යාඥයින් සොයා ගෙන ඇති කාරණයක් නම් දීමේ ක්‍රියාවලිය තෘප්තිය ගෙන එන බවය. ඒ දෙන අය, ලබාගන්නාගේ කෘතඥතාවය දකින විටය. සමහර විද්වතුන් කල්පනා කරන්නේ මනුෂ්‍යයන් සකසා ඇත්තේ ත්‍යාගශීලි වීමට බවය.

ඔවුන්ගේ ඇදහිල්ලේ සමූහනය වර්ධනය කිරීම පිණිස තෙසලෝනිකයන්ට ලියන විට පාවුල් “දුර්වලයන්ට උපකාර කරන්න” (1 තෙස. 5:14) යයි කියන්නේ ඒ නිසා විය යුතුය. ඊට පෙර ඔහු යේසුස්වහන්සේගේ වචන පෙන්වා දෙයි. “ලැබීමට වඩා දීම ආශිර්වාදමත්ය” (ක‍්‍රියා 20:35). එතැන සඳහන් වන්නේ මූල්‍යමය දීම ගැන වුවද කාලය සහ ශක්තිය දීමද ඉන් අදාළ වේ.

අප දෙන විට දෙවියන්වහන්සේට හැඟෙන ආකාරය ගැන අපට අවබෝධ වේ. උන්වහන්සේ තම ප්‍රේමය දීමට එතරම් ආශා වූයේ ඇයි කියා අපට හැඟේ. අප උන්වහන්සේගේ ප්‍රීතියට සහ තෘප්තියට සහභාගී වන්නේ අන් අයට දීමෙනි. මාගේ නැන්දාව ඉක්මණින් බලන්න යන බව මම සිතුවෙමි.