1997 ආසියානු මූල්‍ය අර්බූදය කාලයෙහි රැකියා ප‍්‍රමාණයට වඩා ඒවා සොයන සෙනඟ වැඩි විය. මාත් රැකියා සොයන අය අතර වීමි. කණසල්ල පිරි මාස නවයකින් පසු මට සෝදුපත් කියවීමේ රැකියාවක් ලැබුණි. නමුත් සමාගම වැසී ගියේය. මට නැවත රැකියාවක් නැති විය.

ඔබත් එසේ සිට තිබෙනවාද? භයානක කාලය අවසන් වී යැයි සිතෙන විටම පතුළ කඩා වැටුණාක් මෙන් දැනේ. ශාරෙපත්හි වැන්දඹුවටද එසේ දැනෙන්න ඇත (1 රාජාවලිය 17:12). සාගතය නිසා ඇය තමාටද තම පුත‍්‍රයාටද අවසන් ආහාරය සකසමින් සිටියාය. අනගතවක්තෘ එලියා ඉන් රොටියක් ඉල්ලුවේය. ඇයද අකමැත්තෙන් මෙන් කැමති වූවාය. දෙවියන්වහන්සේ අඛණ්ඩව පිටිද තෙල්ද ඇයට සැපයූ සේක (10-16 පද).

නමුත් ඊළඟට ඇයගේ පුත‍්‍රයා රෝගී විය. ඔහුගේ සෞඛ්‍යය නරක අතට හැරී හුස්ම ගැනීම නැවතුණි. වැන්දඹුව මොර ගැසුවාය. “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහි කරවන්ටත් මාගේ පුත‍්‍රයා මරන්ටත් ඔබ ආවෙහිද?” (18 පදය).

සමහර වේලාවලදී අපටද එම වැන්දඹුව මෙන් ප‍්‍රතිචාර දැක්වීමට සිතේ. දෙවියන්වහන්සේ අපට දඬුවම් කරනවා දැයි කල්පනා වේ. මේ වැටුණු ලෝකයෙහි නපුරු දේවල් සිදුවන බව අපට අමතක වේ.

එලියා කාරණාව දෙවියන්වහන්සේ වෙත ගෙන ගියේය. දරුවා ගැන උනන්දුවෙන්ද අවංකවද යාච්ඤා කළේය. දෙවියන්වහන්සේ දරුවා නැගිටෙවු සේක (20-22 පද).

පතුල කඩා හැළෙන විට අපද එලියා මෙන් විශ්වාස තැනැත්තාණෝ අපව අත් නාරින බව මතක තබා ගනිමු. අවබෝධය ඉල්ලා යාච්ඤා කරන විට දෙවියන්වහන්සේගේ පරමාර්ථ මත අපට යැපිය හැකිය.