අපගේ සේවියර් කුඩා කාලයේදී ව්‍යාපාර වැඩ නිසා මගේ ස්වාමි පුරුෂයාට බොහෝ දිනවල ගෙදරින් පිට සිටීමට සිදුවිය. ඔහුගේ පියා බොහෝ විට දුරකථන ඇමතුම් දුන්නද සමහර රාත්‍රීවල දුරකථන ඇමතුම් පමණක් සේවියර්ව සැනසුවේ නැත. තම පියා අවශ්‍ය යයි සේවියර්ට සිතුණ විට ඔහු සැනසීමට මම ඔහු නින්දට යාමට පෙර ඡායාරූප ඇල්බමයක් ඔහුට පෙන්වන්නෙමි. ඔහු පියා සමග එකට සිටින ඡායාරූප පෙන්වා “මෙය ඔබට මතකද” කියා මම අසමි.

මතකයෙන් මතකය අපගේ පුත්‍රයා ධෛර්යමත් කරයි. බොහෝ විට “මට හොඳ තාත්තා කෙනෙක් ඉන්නවා” යයි ඔහු කීයයි.

තම පියා නොපෙනෙන විට සේවියර්ට පියාගේ ප්‍රේමය මතක් කිරීම අවශ්‍ය බව මම තේරුම් ගතිමි. මම අසීරු හෝ පාළු අවස්ථාවලින් යන විට ස්වර්ගීය පියාණන් ගෙන් මට ප්‍රේමය ලැබෙන බව දැන ගැනීමට මම කැමැත්තෙමි.

කාන්තාරයෙහි ඔහුගේ සතුරන්ගෙන් සැඟවී සිටින විට දාවිත් දෙවියන්වහන්සේ ගැන ඔහු තුළ තිබ ගැඹුරු ආශාව ප්‍රකාශ කළේය (ගීතාවලිය 63:1). දෙවියන්වහන්සේගේ අසීමිත බලය සහ සහනය දෙන ප්‍රේමය අත්දුටු පුද්ගලික අවස්ථා මතක් කිරීම දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට ඔහුට මග පෙන්වීය (2-5 පද). ඔහුගේ අසීරුම රාත්‍රීවලදී ඔහුට යැපිය හැකි දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය රැකවරණය ගැන ඔහුට ප්‍රීති විය හැකි විය (6-8 පද).

අපගේ අඳුරු අවස්ථාවලදී දෙවියන්වහන්සේ අප සමග නැතැයි සිතෙන විට දෙවියන්වහන්සේ කව්ද යන කාරණය ගැනත් උන්වහන්සේ තම ප්‍රේමය ප‍්‍රදර්ශනය කරන ආකාරය ගැනත් මතක් කිරීම් අපට අවශ්‍ය වේ. උන්වහන්සේ සමග අප අත්දුටු පුද්ගලික අත්දැකීම් මගින්ද දේව ලියවිල්ලේ සඳහන් වී ඇති උන්වහන්සේගේ වික‍්‍රම ක්‍රියා මගින්ද අබ්බා පියාණන් අපට ප්‍රේම කරන මැනිය නොහැකි ආකාරය ගැන අපට ස්ථිර ලෙස දැන ගත හැකිය.