වෙළඳ සැළට යාම මම සාමාන්‍යයෙන් ප්‍රිය කළ දෙයක් නොවේ. එය ජීවිතයේ නීරස කාර්යයකි. එය කළ යුතු නිසාම කරමි.

නමුත් එහි කොටසකට මා දැන් ආශාවෙන් බලා සිටිමි. ඒ ෆ්‍රෙඩ්ගේ පෝලිමේ සිටීමය. ෆ්‍රෙඩ්ගේ පෝලිම සංදර්ශනයක් වැනිය. ඔහු විශ්මිත ලෙස ඉක්මන්ය. සෑම විටම ඔහු විශාල සිනහවකින් මුව සරසා ගෙන සිටියි. විටෙක නටයි. (සමහර විට ගායනා කරයි). ප්ලාස්ටික් බෑගයට නොකැඩෙන භාණ්ඩ දමන්නේ කරණමක් ගස්සවාය. ඉතා නීරස ලෙස පෙනෙන රැකියාවක් ෆ්‍රෙඩ් පැහැදිලිව විනෝදයක් කර ගෙන සිටී. විනාඩි කිහිපයකට හෝ ඔහුගේ පෝලිමේ අයගේ ජීවිත ඔහු දීප්තිමත් කරයි.

ෆ්‍රෙඩ් ඔහුගේ රැකියාව කරන ආකාරය මාගේ ඇගයීමද ගෞරවයද දිනාගෙන ඇත. ඔහුගේ ප්‍රීතිමත් ආකල්පය සේවයට ඇති ආශාව කුඩා දේවල් ගැන සලකන ආකාරය කොලොස්සි 3:24 හි පාවුල් අපට සේවය කිරීමට කියන ආකාරයට හොඳින් ගැළපේ. “නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න”.

අප යේසුස්වහන්සේ සමග සම්බන්ධතාවයකින් සිටින නිසා අප කරන කොයි කාර්යයක් වුවද අප ජීවිතය උන්වහන්සේගේ අභිමුඛය පෙන්නුම් කිරීමට උපකාරී වේ. කිසි දෙයක් කුඩා නැත … විශාලද නැත! අපට එන මොන වගකීම් වුවද ප්‍රීතියෙන් නිර්මාණශීලිව සහ විශිෂ්ඨත්වයෙන් කිරීම අප අවට සිටින අයට ආභාෂයක් දීමට අපට අවස්ථාව දෙයි. අපගේ රැකියාව කුමක් වුවත් කම් නැත.