අතී අසීරු අවස්ථා දැන්වීමට නාවිකයන්ට ක්‍රමයක් අවශ්‍ය වූ නිසා SOS නම්වූ මෝස් සංඥා ක‍්‍රමය 1905 දී සොයා ගන්නා ලදී . 1910 දී එම සංඥාව ප්‍රසිද්ධ වූයේ කෙන්ටකී නැව ගිලෙන්නට යන විට එය භාවිතා කිරීමෙන් නැවේ සිටි නාවිකයන් 46 දෙනාම ගැළවුණු නිසාය.

මෝස් සංඥා ක‍්‍රමය මෑතකදී සොයා ගත්තක් වුවද උපකාර ඉල්ලා කළ දැඩි ආයාචනය මනුෂ්‍යත්වය තරමට පැරණිය. එය අප බොහෝ විට පරණ ගිවිසුමේ යෝෂුවාගේ කථාවෙහි අසන්නෙමු. ඔහුට හවුල් ඉශ්‍රායෙල්වරුන්ගෙන් විරුද්ධතා පැමිණියේය (යෝෂුවා 9:18). එසේම අභියෝගාත්මක භූමි තලයන් හමුවිය (3:15-17). දෙවියන්වහන්සේ ඔවුන්ට පොරොන්දුවූ දේශය සෙමින් අල්ලා ගෙන අයිති කර ගැනීමට ගතවූ වසර 14 තුළ එම බාධා අඛණ්ඩව තිබුණි. මෙම අරගල තුළ “ස්වාමින්වහන්සේ යෝෂුවා සමග” (6:27) සිටි සේක.

යෝෂුවා 10 හි ඉශ්‍රායෙල්වරු ගිබියොන්වරුන්ගේ උපකාරයට යති. ගිබියොන්වරුන්ට රජවරු 5ස් දෙනෙකු පහර දුන්හ. මෙතරම් බලවත් සතුරන් පැරදවීමට ස්වාමින්වහන්සේගේ උපකාරය අවශ්‍යම බව යෝෂුවා දැන සිටියේය (12 පදය). දෙවියන්වහන්සේ ගල් වර්ෂාවකින් ඔහුට පිළිතුරු දුන් සේක. අහස මැද හිරු නතර කර යෝෂුවාට ජය ගැනීමට වැඩි කාලයක් ලබා දුන් සේක. යෝෂුවා 10:14 හි නැවත අපට මතක් කරන්නේ “මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන්කළසේක.” කියාය.

ඔබ අභියෝගාත්මක තත්ත්වයක් මධ්‍යයෙහි සිටින්නේ නම් ඔබටද ස්වාමින්වහන්සේට හදිසි (SOS) පණිඩුඩයක් යැවිය හැකිය. යෝෂුවා ලද උපකාරයන්ට වඩා ඔබට වෙනස් ආධාරයක් ලැබිය හැකිය. සමහර විට බලාපොරොත්තු නොවූ රැකියාවක්, රෝගය හඳුනාගන්නා වෛද්‍යවරයෙකු, වේදනාව මධ්‍යයෙහි සාමය වන්නට පුළුවන. දිරිමත් වන්න. මේ ඔබගේ ආයාචනයට උන්වහන්සේගේ ප්‍රතිචාරයන්ය. උන්වහන්සේ ඔබ වෙනුවෙන් සටන් කරන සේක.