මම තැපැල් හල වෙත ගියේ ඉතා හදිසියෙනි. එදිනට කිරීමට ඇති දේවල් බොහෝමයක් තිබුණි. නමුත් ඇතුල් වන විට දොර අසළටම පෝලිමක් මම දුටුවෙමි. “ඉක්මන් කරන්න. බලාගෙන ඉන්න” මම ඔරලෝසුව දෙස බලා මටම කියා ගතිමි.

මාගේ අත දොර අගුලෙහි තිබියදීම වැඩිමහල් ආගන්තුකයෙකු මා ළඟට ආවේය. “පිටපත් ගන්න යන්ත්‍රය වැඩ කරන්නේ නැහැ. මගේ මුදල්ද ඒක ඇතුළේ. මොනවා කරන්නද කියා මම දන්නේ නැහැ” ඔහු යන්ත්‍රයක් පෙන්වා මට කීවේය. මම කුමක් කරනවාට දෙවියන්වහන්සේට අවශ්‍යද කියා ක්ෂණයකින් මට වැටහුණි. මම පෝලිමෙන් ඉවත්වී ඔහුට උපකාර කිරීමට ගියෙමි. විනාඩි දයහකින් ප්‍රශ්නය විසඳීමට මට හැකි වුනි.

මිනිසා මට ස්තුති කර යන්නට ගියේය. මම නැවත පෝලිම වෙත ආවෙමි. පෝලිම අවසන් වී තිබුණි. මම කවුන්ටරය වෙත බාධාවකින් තොරව ගියෙමි.

එදින අක්දැකීම මට යේසුස්වහන්සේගේ වචන මතක් කරන්නේය. “දෙන්න, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේය.” (ලූක් 6:38).

මාගේ බලා සිටීම කෙටි බව මට පෙනුණේ දෙවියන්වහන්සේ මාගේ ඉක්මණට බාධා කළ හෙයිනි. අන් අයගේ අවශ්‍යතා දෙස මාගේ ඇස් යොමුකර මාගේ කාලය දීමට උපකාර කර උන්වහන්සේ මට ත්‍යාගයක් දුන් සේක. ඊළඟ වාරයේ මා ඔරලෝසුව දෙස බලන විට මම එම පාඩම මතක තබා ගැනීමට බලාපොරොත්තු වෙමි.