විනෝද බෝට්ටු පැදීමට නායකත්වය දෙන්නා අපගේ කණ්ඩායම ගං ඉවුරට ගෙන ගියේය. අපට ආරක්ෂිත කබා පැළඳ හබල්ද ගැනීමටද උපදෙස් දුන්නේය. අප බෝට්ටුවට නැගුණු විට ඔහු අපව ආසනවල හිඳවූයේ බෝට්ටුෙවේ සමතුලිත භාවය රැකෙන ලෙසය. තද දිය රැළි හමුවන විට නොපෙරෙළෙන පිණිසය. අපට ලැබෙන ත්‍රාසජනක අත්දැකීම් උලුප්පා දක්වා අපට ගමනේදී ඇසෙන උපදෙස් මාලාවක් ගැනද සඳහන් කලේය. ඒවා පිළිපැදිය යුතු බව කීවේය. දැඩි ජලපහර වලින් බෝට්ටු ගෙන යා හැක්කේ එවිටය. ත්‍රාසජනක අවස්ථා තිබුණද අපගේ ගමන ආරක්ෂිත බවත් විනෝදජනක බවත් ඔහුගේ නිගමණය විය.

සමහර විට ජීවිතයද දැඩි රැළි සමග ගමනක් වැනිය. අප සිතනවාට වඩා රැළි පහරවල් තිබිය හැකිය. නපුරුම දේ සිදුවනවා යැයි අපට හැඟෙනන විට අනාගතවක්තෘ යෙසායා තුළින් දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව අපට මතක් කර ගත හැකිය. “නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත” (යෙසායා 43:2). ඔවුන්ගේ පාපයේ ප‍්‍රතිඵලයක් ලෙස ඉශ්‍රායෙල්වරු වහල්කමට ගිය විට ඔවුන් ප්‍රතික්ෂේප වී යැයි හැඟෙන දරාගත නොහැකි බියක් ඔවුන්ට ඇති වුනි. නමුත් උන්වහන්සේ ඔවුන්ට ස්ථිරවෙන්නේ, පොරොන්දු වන්නේ ඔවුන් සමග සිටින බවයි. ඒ උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන නිසාය (2 සහ 4 පද).

රළු ජලයේදී එනම් ගැඹුරු බියෙන් සහ වේදනාකාරී කරදර තුළින් අපව දෙවියන්වහන්සේ අතරමං කරන්නේ නැත. රළු ජලධාරා තුළින් අපව ගෙන යන බවට උන්වහන්සේ මත අපට විශ්වාසය තැබිය හැකිය. ඊට හේතුව උන්වහන්සේ අපට ප්‍රේම කරන නිසාත් අප සමග සිටීමට පොරොන්දුවන නිසාත්ය.