ලෝකයේ වේදනාව ගැන ඇති සෑම වාදයක්ම යෝබ් පොතෙහි තිබේ. නමුත් එම විවාද යෝබ්ට එතරම් උපකාරයක් කරන බවක් නොපෙනේ. ඔහුට ඇත්තේ සැකයකට වඩා සම්බන්ධතාවය පිළිබඳ ප‍්‍රශ්නයකි. ඔහුට දෙවියන්වහන්සේ විශ්වාස කළ හැකිද? යෝබ්ට සියල්ලට වඩා එක දෙයක් අවශ්‍ය වුනි. ඒ ඔහුගේ කාලකණ්නි තත්ත්වය විස්තර කළ හැකි එකම තැතැන්තාගේ පැමිණිමයි. ඔහුට මුහුණට මුහුණ ලා දෙවියන්වහන්සේ හමුවීමට අවශ්‍ය විය.

යෝබ්ට තිබූ ආශාව අවසානයේ ඉෂ්ට වේ. දෙවියන්වහන්සේ පුද්ගලිකවම පැමිණෙන සේක (යෝබ් 38:1). දෙවියන්වහන්සේගේ පැමිණීම එළඹෙන්නේ පරස්පර වේලාවකය. දෙවියන්වහන්සේගේ පැමිණීම යෝබ් බලාපොරොත්තු නොවිය යුත්තේ ඇයි කියා එලීහු පැහැදිලි කරන විටදීය.

යෝබ් හෝ ඔහුගේ කිසි මිතුරෙකු දෙවියන්වහන්සේ කියන්න යන දෙයට සුදානම්ව සිටියේ නැත. යෝබ්ට ප‍්‍රශ්න ලැයිස්තුවක් තිබුණේය. නමුත් අවසානයේ ප‍්‍රශ්න ඇසුවේ යෝබ් නොවේ. දෙවියන්වහන්සේය. “ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන, මා නුඹෙන් අසන විට මට කියන්න.” (3 පදය). වේදනාව පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් විවාද කළ හැකි පරිච්ඡේද 35 ක් ඉවත දමා දෙවියන්වහන්සේ ස්වාභාවික ලෝකයේ මහිමයන් ගැන තේජවත් කවියකට යොමු වන සේක.

දෙවියන්වහන්සේගේ කථාව මුළු මැවිල්ලේ දෙවියන්වහන්සේ සහ කුඩා මිනිසෙකු වන යෝබ් අතර ඇති වෙනස පෙන්නුම් කරන්නේය. උන්වහන්සේගේ පැමිණීම යෝබ්ගේ විශාලතම ප‍්‍රශ්නයට පිළිතුරකි. “එහි කවුරුන් හෝ සිටිනවාද?”. යෝබ්ට ප‍්‍රතිචාර දැක්විය හැකිවූයේ “එබැවින් මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි. ” (යෝබ් 42:3) කියාය.