සමහරක් ස්ථානවලට මගේ ස්වාමි පුරුෂයා සමග යද්දී මම විද්‍යුත් පණිවුඩ බලමින් ගියෙමි. හදිසියේම දේශීය රසකැවිලි සාප්පුවක දැන්වීමක් පැමිණියේය. අප එය පසුකර ගියා පමණි. එකෙණෙහිම මට බඩගින්නක් දැනුණි. තාක්ෂණය අපව ආයතනවලට ඇද ගන්නා ආකාරය ගැන මම පුදුම වීමි.

මම විද්‍යුත් පණිවුඩය වසා දමන විටම දෙවියන්වහන්සේ මාව සමීප කිරීමට කරන අඛණ්ඩ කාරණා ගැන මම මෙනෙහි කලෙමි. මා ඉන්නා ස්ථානය උන්වහන්සේ දන්නා සේක. මාගේ තීරණවලට බලපෑම් කිරීමට උන්වහන්සේට පුළුවන. “රසකැවිලිවලට මාගේ ආමාශය ආශා කළ ලෙස මාගේ හදවත උන්වහන්සේ කෙරෙහි ඇදී යනවාද?”.

යොහන් 6 හි හාස්කමකින් පන්දහසකට කෑම දුන් පසු “ලෝකයට ජීවනය දෙන රොටී දෙන්න” කියා (33-34 පද) ගෝලයෝ උනන්දුවෙන් ඉල්ලා සිටියහ. 35 වැනි පදයෙහි යේසුස්වහන්සේ ප්‍රතිචාර දක්වන සේක. “ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.”. කෙතරම් විශ්මය ජනකද? යේසුස්වහන්සේ සමග සම්බන්ධතාවයකට අපගේ දෛනික ජීවිතයට අවශ්‍ය අඛණ්ඩ පෝෂණය දිය හැකිය.

රසකැවිලි සාප්පුවේ දැන්වීමේ ඉලක්කය වූයේ මාගේ ශරීරයේ ආශාවය. මා හදවතෙහි තත්ත්වය දෙවියන්වහන්සේ අඛණ්ඩව දන්නා සේක. එය මට ආරාධනා කරන්නේ මා හට උන්වහන්සේව සෑම දිනකම අවශ්‍ය බව තේරුම් ගෙන උන්වහන්සේට පමණක් දිය හැකි පෝෂණය අඛණ්ඩව ලබා ගැනීමය.