ලංඩනයේ සිටින කාලයක මාගේ මිතුරෙකු මටත් මාගේ භාර්යාව වන මාර්ලීන්ටත් ආකාශ උද්‍යානය නැරඹීමට යාමට අවස්ථාවක් සළසා දුන්නේය. ලංඩන් ව්‍යාපාරික ප‍්‍රදේශයේ තට්ටු 35 ක ගොඩනැගිල්ලක් මුදුනේ ආකාශ උද්‍යානය පිහිටා තිබේ. එය වීදුරුවලින් වට කර ඇති වේදිකාවකි. එහි ගස් වර්ග පැල වර්ග සහ මල් පිරී පවති. නමුත් අපගේ සිත් ගත්තේ ආකාශයයි. අපි අඩි 500 කට වඩා උසක සිට පහත බැලිමු. ශාන්ත පාවුල් දේවස්ථානය, ලංඩන් කුළුණ සහ තවත් දේවල් අපගේ ආකර්ශනයට යොමු විය. අප දුටු අගනුවර දර්ශනය විශ්මය ජනකය. අපගේ දැක්ම සම්බන්ධයෙන් එය උපකාරක පාඩමකි.

අප අත්දකින සියල්ල ගැන සම්පූර්ණ දැක්මක් අපගේ දෙවියන්වහන්සේට තිබේ. ගීතිකාකරු ලීවේ “හිරකාරයාගේ සුසුම්ලීම අසන්ටත් මරණයට නියමවූවන් මුදන්ටත් ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධවූ උසස්ථානයේ සිට පහළ බැලූසේක; උන්වහන්සේ ස්වර්ගයේ සිට පොළොව බැලූසේක.” (ගිතාවලිය 102:21-22) කියාය.

ගිතාවලිය 102 හි වේදනා විඳින ජනතාව මෙන් අප වර්තමානයේ ඇති අර්බුදවල සිරවී සිටින්නෙමු. බලාපොරොත්තු නැතිවී කෙඳිරි ගාන්නෙමු. නමුත් දෙවියන්වහන්සේ අපගේ ජීවිත මුල සිට අග දක්වා දන්නා සේක. අපව අන්ධකරන දේවල් ස්වාමින්වහන්සේව පුදුම කරවන්නේ නැත. ගීතිකාකරු බලාපොරොත්තුවූ ලෙස උන්වහන්සේගේ සම්පූර්ණ දැක්ම මරණයට නියමුවන් පවා සදහටම මුදවා ගැනීම වන්නේය (20, 27-28 පද).

අසීරු මොහොතවලදී මතක තබාගන්න: ඊළඟට වන්නේ කුමක්දැයි අපි නොදන්නෙමු. නමුත් අප ස්වාමින්වහන්සේ ඒවා දන්නා සේක. අප ඉදිරියෙහි දිග හැරෙන සෑම මිනිත්තුවක් සම්බන්ධයෙන් අපට උන්වහන්සේව විශ්වාස කළ හැකිය.