යම් කාර්යයක් අවසන් කිරීමෙන් අපට තෘප්තියක් ලැබේ. උදාහරණයක් ලෙස මාගේ වගකීම් එක තත්ත්වයක සිට තවත් තත්ත්වයකට මාරුවේ. ඒ “සම්පූර්ණ වෙමින් ඇත” සිට “සම්පූර්ණයි” යන ලෙසය. “සම්පූර්ණයි” යන බොත්තම එබීමට මම ඉතා ආශා කරමි. පසුගිය මාසයේ එය ඔබන විට මම කල්පනා කළේ අදහිල්ලේ අසීරු තැන්ද එසේ කළ හැකි නම් කියාය. කිතුණු ජීවිතය සෑම විටම “සම්පූර්ණ වෙමින් තිබේ” යයි අපට පෙනේ. කිසි දිනෙක “සම්පූර්ණ වන්නේ” නැත.

එවිට හෙබ්‍රෙව් 10:14 මට මතක් වුනි. ඉන් විස්තර වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ පූජාව අපව සම්පූර්ණයෙන් මුදවන ආකාරයයි. එක් වැදගත් කාරණයක් නම් එම “සම්පූර්ණයි” බොත්තම අප වෙනුවෙන් ඔබා අවසානයි යන්න වේ. අපට කරගත නොහැකි දෙය යේසුස්වහන්සේගේ මරණය අප වෙනුවෙන් කළේය. අපගේ ඇදහිල්ල අප යේසුස්වහන්සේ වෙත තබන විට උන්වහන්සේ අප දෙවියන්වහන්සේගේ පිළිගැනීමට සුදුසු අය කරන සේක. යේසුස්වහන්සේ කී ලෙස එය අවසානය (යොහන් 19:30). පරස්පර ලෙස පූජාව සම්පූර්ණ වුවද එම ආත්මික යථාර්තය තුළ ජීවත් වීමට අප අපගේ ඉතිරි කාලය වැය කරමු. හෙබ්‍රෙව් කතෘ කියන ලෙස ඒ අප “ශුද්ධ වෙමිනි”.

අපගේ ජීවිතවල තවමත් ක්‍රියාත්මක වන දෙයක් ක්‍රිස්තුස්වහන්සේ අවසන් කර ඇති බව තේරුම් ගැනීම අපට අපහසුය. මා ආත්මිකව අරගල කරන විට යේසුස්වහන්සේ මා සහ ඔබ වෙනුවෙන් කළ පුජාව මතක තබා ගැනීම මට ධෛර්යය ගෙන දෙයි. මේ ජීවිතයේ එය ජීවත්වීම “සම්පූර්ණ වෙමින් පැවතියද” එය “සම්පූර්ණය”. උන්වහන්සේගේ අවසන් පරමාර්ථය ඉටුකර ගැනීම නතර කිරීමට කිසිදෙයකට නොහැකිය. එනම් අපි උන්වහන්සේගේ සමානත්වයට වෙනස් වීමය (2 කොරින්ති 3:18).