මා කුඩා පිරිමි ළමයෙකු කාලයේ ඉගෙන ගත් එක් යාච්ඤාවක් නම් “ස්වාමිනී, දැන් නින්දට යාමට මම වැතිරෙමි. ස්වාමිනි මාගේ ආත්මය ආරක්ෂා කරන්නැයි ඔබවහන්සේට කියමි” යන්නයි. එම යාච්ඤාව මම ඉගෙන ගත්තේ මාගේ දෙමව්පියන්ගෙනි. මාගේ පුත්‍රයා සහ දියණිය කුඩා කාලයේ මම ඔවුන්ටද එය ඉගැන්වීමි. දරුවෙක් ලෙසට නිදා ගැනීමට පෙර එම වචන කියා දෙවියන්වහන්සේගේ හස්තයට භාරවීම මට විශාල සහනයක් ගෙන දුන්නේය.

බයිබලයේ යාච්ඤා පොත වන ගීතාවලියෙහිද ඊට සමාන යාච්ඤාවක් අලංකාර ලෙස ඇතුළත් කර තිබේ. සමහර බයිබල් විද්වතුන් පවසන්නේ “ඔබ අතට මාගේ ආත්මය භාර දෙමි” (ගීතාවලිය 31:5) යන්න යේසුස්වහන්සේගේ කාලයේ කුඩා දරුවන් නිදා ගැනීමට පෙර කළ යාච්ඤාවක් කියාය.

එම යාච්ඤාව යේසුස්වහන්සේ කුරුසියෙහි කළ අවසන් මොර ගැසීම බව ඔබ හඳුනා ගනු ඇත. නමුත් යේසුස්වහන්සේ ඊට තව වචනයක් එකතු කළ සේක. “පියාණෙනි” (ලූක් 23:46). උන්වහන්සේගේ මරණයට මොහොතකට පෙර එම යාච්ඤාව කර යේසුස්වහන්සේ තමන්වහන්සේ පියාණන් සමග තිබූ සමීප සම්බන්ධතාවය පෙන්නුම් කළ සේක. උන්වහන්සේ සමග ජීවත්වීමට යන ඔවුන්ගේ ගෘහය යේසුස්වහන්සේ ඇදහිලිවතුන්ට යොමු කළ සේක (යොහන් 14:3).

යේසුස්වහන්සේ කුරුසියෙහි මියගියේ ස්වර්ගීය පියාණන් සමග ඇති අපගේ සබඳතාවයේ මනහරත්වය අප භුක්ති විඳින පිණිසය. යේසුස්වහන්සේගේ යාගික ප්‍රේමය නිසා අපට දෙවියන්වහන්සේගේ රැකවරණය තුළ නිවාඩු ගැනීමට හැකි බව දැන ගැනීම කෙතරම් සහනයක්ද! අපට අපගේ දෑස් භියෙන් තොරව වැසිය හැක්කේ අපගේ පියාණන්වහන්සේ අපව රැක බලා ගන්නා නිසාත් උන්වහන්සේ සමග අපව නව ජීවනයකට එසවීමට උන්වහන්සේ පොරොන්දු වී ඇති නිසාත්ය (1 තෙසලෝනික 4:14).