මාගේ මුණුපුරෝ තනිව ඇඳුම් ඇඳ ගැනීමට කැමතිය. සමහර විට ඔව්හු කමිස කණපිට අඳිති. බොහෝ විට පොඩි මුණුපුරා තම සපත්තු වැරදි කකුළට දමා ගනිති. ඔවුන්ගේ වැරදි පෙන්වීමට මට සිත නොදේ. ඊටත් වඩා ඔවුන්ගේ අහිංසකකම මට ජ්වලිතයක් දෙන්නේය.

ඔවුන්ගේ දෑස්වලින් ලෝකය දෙස බැලීමට මම ආශා කරන්නෙමි. ඔවුන්ට සැම දෙයක්ම අලුත් විනෝදයකි. වැටුණු ගසක එහා මෙහා ඇවිදීම හිරු රශ්මියේ තපින ඉබ්බෙකු දෙස ඕනැකමින් බලා සිටීම ගිනි නිවන රථයක් පාරේ යනවා නැරඹිම යනාදියයි. නමුත් මාගේ මුණුපුරෝ ඇත්තෙන්ම අහිංසක නැති බව මම දනිමි. රාත්‍රියෙහිදී තම ඇඳන්වල සිටිය නොහැකි ඇයි කියා දුසිම් ගණන් සමාවට හේතු ඔවුහු දෙති. රාත්‍රියේදී අනිකාගේ සෙල්ලම් බඩු සොරා ගනිති. නමුත් මම ඔවුන්ට ඉතා ආදරය කරමි.

මට ආදම් සහ ඒව මතක් වේ. දෙවියන්වහන්සේගේ ප්‍රථම මැවිලි ඔවුන්ය. එක් අතකින් ඔවුන්ද මගේ මුණුපුරන් වාගේය. දෙවියන්වහන්සේ සමග ගමන් කරන විට උද්‍යානයේ සෑම දෙයක්ම ඔවුන්ට නව විනෝදයක් ගෙන දෙන්නට ඇත. නමුත් එක් දිනක් ඔව්හු කැමැත්තෙන්ම අකීකරු වූහ. තහනම් කළ එකම ගහෙන් ඔව්හු කෑවෝය (උත්පත්ති 2:15-17, 3:6). අකීකරුකම ඉක්මණින් බොරුවටත් එකිනෙකාට වරද පැටවීමටත් මාරු විය (3:8:13).

එහෙත් දෙවියන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කර සැළකූ සේක. උන්වහන්සේ සතුන් යොදා ගෙන ඔවුන්ට ඇන්දවූ සේක. ඉන්පසුව උන්වහන්සේ තම පුත්‍රයාගේ පූජාව තුළින් සියලු පව්කරුවන්ට ගැළවීමේ මාර්ගය සැපයූ සේක (යොහන් 3:16). උන්වහන්සේ අපට එතරම් ප්‍රේම කරන සේක.