අපට අවශ්‍ය ලෙස කාරණ සිදුවීමෙන් අපට ප්‍රීතිය ලැබේ යයි බොහෝ විට අපි අසා ඇත්තෙමු. එය සත්‍යයක් නොවේ. එම මතය දිව යන්නේ හිස්කම කණස්සල්ල සහ සිත් තැවුලටය.

විනෝදය සොයා ගොස් යථාර්ථයෙන් මිදීමට උත්සාහ දරණ සෙනග ගැන මහා කවි ඩබ්. ඩබ්. ඕඩන් ලීවේය. ඔහු ඔවුන් ගැන ලීවේ “අවතාරවලින් ගහණ වනාන්තරයක තනිවූ/ රාත්‍රියට භියවූ දරුවන්/ කවදාවත් ප්‍රීතියෙන් නොසිටි සහ යහපතක් නොකළ අය ලෙසය.

අපගේ බිය සහ දුකට ප්‍රතිකර්මය දාවිත් ගායනා කරන්නේය. “ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක. ” (ගීතාවලිය 34:4). ප්‍රීතිය යනු කාරණා දෙවියන්වහන්සේගේ ක්‍රමයට කිරීමය. “ඔව්හු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය” (5 පදය) කියා දාවිත් පවසයි. උත්සාහ කළොත් ඔබ එය දකිනවා ඇත. “ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්.” (8 පදය) යයි ඔහු පවසන්නේ ඒ නිසාවෙනි.

“දැකීම විශ්වාස කිරීමය” යයි අපි කියමු. අප මේ ලෝකයේ දේවල් ගැන දන්නේ එලෙසය. එය ඔප්පු කර පෙන්වන්න. එවිට මම විශ්වාස කරමි. දෙවියන්වහන්සේ එය කණපිට හරවන සේක. විශ්වාස කිරීම යනු දැකීමය. “ස්වාමින් රස බලා දැන ගනිව්”.

ස්වාමින්වහන්සේව උන්වහන්සේගේ වචනය අනුව විශ්වාස කරන්න. උන්වහන්සේ ඊළඟට ඔබට කියන දෙය කරන්න. එවිට ඔබ දකිනු ඇත. නිවැරදි දේ කිරීමටද වඩ වඩා එය කිරීමටද උන්වහන්සේ අනුග්‍රහය දෙනු ඇත. උන්වහන්සේ තමන්වහන්සේව ඔබට දෙනු ඇත. ඒ යහපතේ එකම මූලාශ්‍රයයි. ඒ සමග නොනවතින ප්‍රීතිය දෙනු ඇත.