අතීතයේදී අප සභාව තුළ දෙවියන්වහන්සේ කළ සියල්ල සිතා බැලීමෙන් පසු අපගේ නායකයෝ සමූහනයට සේවා සැපයීමට අළුත් ක්‍රීඩාගාරයක් සෑදීමට යෝජනා කළෝය. නායක කණ්ඩායම දැන්වූයේ පළමුවෙන් තමන් මුදල් පොරොන්දු පත්‍ර අත්සන් කරන බවය. මම මුලින් යාච්ඤා කළේ ආත්මාර්ථකාමී සිතකිනි. ඒ අප දැනටම පොරොන්දු වී ඇති මුදල් වලට වඩා දීමට අකමැති බවය. කෙසේ වෙතත් ක්‍රියාත්මක වෙමින් තිබූ ව්‍යාපෘතිය ගැන යාච්ඤා කිරීමට මාත් මාගේ ස්වාමි පුරුෂයාත් එකඟ වීමු. දෙවියන්වහන්සේ අපට සපයන සියල්ල සළකා බැලීමෙන් පසු අප අන්තිමට තීරණය කලේ මාසිකව මුදලක් එයට දීමටය. අපගේ සභා පවුලේ සියලු ත්‍යාග මුළු ගොඩනැගිල්ලට ප්‍රමාණවත් විය.

සමූහනයේ ක්‍රියාවන්ට එම ක්‍රීඩා ශාලාව දෙවියන්වහන්සේ භාවිතා කළ බොහෝ මාර්ග නිසා අපි දෙවියන්වහන්සේට කෘතඥ වුනෙමු. තවත් ත්‍යාගශීලි රජෙකු වන දාවිත් මට මතක් වේ. දේව මාළිගාව ගොඩ නැගීමට ඔහුව ස්වාමින්වහන්සේ තෝරා නොගත්තද දාවිත් තමා සතු සියලු මූලාශ්‍ර ව්‍යාපෘතියට ආයෝජනය කළේය (1 ලේකම් 29:1-5). ඔහු යටතෙහි සිටි නායකයෝද ඔවුන්ගේ සෙනගද ත්‍යාගශීලීව දුන්නෝය (6-9 පද). ඔවුන් දුන් සියල්ල දෙවියන්වහන්සේ විසින් දුන් බව දාවිත් පිළිගත්තේය. උන්වහන්සේ මැවුම්කරුවාණෝය. පෝෂණය කරන තැනැත්තාණෝය. සියල්ලේ අයිතිකරුවාණෝය (10-16 පද).

දෙවියන්වහන්සේට සියල්ල අයිති බව අප හඳුනාගත් විට අපට කෘතඥ, ත්‍යාගශීලි, විශ්වාසවන්ත ලෙස අන් අයට ප්‍රයෝජනවත් දීමකට කැපවිය හැකිය. එසේම අපට අවශ්‍ය වන විට අන් අයගේ ත්‍යාගශීලිත්වයද භාවිතා කළ හැකිය.