අධ්‍යාපනය සම්බන්ධ මනෝවිද්‍යාඥයෙක් වන බෙන්ජමින් බ්ලූම් තරුණ තරුණියන්ගේ හැකියාවන් දියුණු කිරීම ගැන පර්යේෂණ කරන විට ක්‍රීඩකයන්, කලාකරුවන්, විද්වතුන් වැනි තරු 120 කගේ ළමා කාලය ගැන පරීක්ෂණයක් කළේය. ඔවුන් සියලු දෙනා තුළ එක් පොදු දෙයක් තිබූ බව ඔහු සොයා ගත්තේය. ඔව්හු බොහෝ කාලයක් එක දිගට බොහෝ සෙයින් පුහුණු වී තිබුණි.

බ්ලූම්ගේ පර්යේෂණ පෙන්වන්නේ අපගේ ජීවිතවල යම් කොටසක් වර්ධනයට විනය අවශ්‍ය බවයි. දෙවියන්වහන්සේ සමග අපගේ ගමනේදීද උන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය වර්ධනය කර ගත හැකි එක් ක්‍රමයක් නම් නිතිපතා කාලය ගත කිරීමේ ආත්මික විනය වර්ධනය කර ගැනීම වේ.

දෙවියන්වහන්සේ සමග විනයානුකූල ගමනට පුද්ගලයෙකු ලෙස දානියෙල් හොඳ උදාහරණයකි. තරුණයෙකු ලෙස දානියෙල් ප්‍රවේශමෙන් නැණවත් තීරණ ගත්තේය (1:8). ඔහු නිතිපතා යාච්ඤා කිරීමට “දෙවියන්වහන්සේට තුති දීමට” කැපවී උන්නේය (6:10). ඔහු අඛණ්ඩව දෙවියන්වහන්සේ සෙවීම ඔහුගේ ඇදහිලිවන්ත ජීවිතයට හේතු වූ බව ඔහු අවට සිටි අය පහසුවෙන් සොයා ගත්තෝය. දාරියුස් රජු දානියෙල්ව “ජීවමාන දෙවියන්වහන්සේගේ සේවකයෙකු” (20 පදය) ලෙස විස්තර කළේය. දෙවරක්ම දෙවියන්වහන්සේට “නොකඩවා” සේවය කරන අයෙකු ලෙස ප්‍රකාශ කලේය (16 සහ 20 වන පද).

දානියෙල් මෙන් අපට දෙවියන්වහන්සේව දැඩිව අවශ්‍ය වේ. අප උන්වහන්සේ සමග කාලය ගත කරන විට දෙවියන්වහන්සේ අප සමග ක්‍රියා කරන බව දැන ගැනීම කොතරම් හොඳද? (පිලිපපි 2:13). ඒහෙයින් අප දෙවියන්වහන්සේ වෙත සැමදා පැමිණෙමු. උන්වහන්සේ සමග අප ගත කරන කාලය නිසා වඩ වඩා උතුරා යන්නාවූ ප්‍රේමයක් සහ අපගේ ගැලවුම්කරුවාණන් පිළිබඳ වර්ධනය වන දැන ගැන්මක් සමග අවබෝධයක් අති වේවා කියා අපි විශ්වාස කරමු (1:9-11).