මා යෞවනයෙකු කාලයෙහි මාගේ මව ඇදහිල්ල තබා ගන්න යැයි මා දිරිමත් කරන විට මා ඇයට අභියෝග කළෙමි. “දෙවියන්වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබව බලා ගන්නවා ඇත” කියා ඇය මට කියන්නීය. “අම්මා ඒක එච්චර ලේසි නැහැ. දෙවියන්වහන්සේ උදව් කරන්නේ ඔවුන්ට උදව් කර ගන්නා අයටය” කියා මම ඇයට පිළිතුරු දෙන්නෙමි.

නමුත් “දෙවියන්වහන්සේ උදව් කරන්නේ ඔවුන්ට උදව්කර ගන්නා අයට” යන වචන බයිබලයේ කොහේවත් නැත. ඒ වෙනුවට දේව වචනය අපට උගන්වන්නේ අපගේ දෛනික අවශ්‍යතාවයන් ලබා ගැනීම පිණිස උන්වහන්සේ කෙරෙහි යැපීමටය. යේසුස්වහන්සේ අපට පවසන්නේ “ආකාශයේ පක්ෂීන් දෙස බලන්න. උන් වපුරන්නේවත් කපා ගන්නෛ්වත් අටුවල රැස්කරන්නේවත් නැත. නමුත් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරන සේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? කණස්සලු වීමෙන් තමාගේ උසට එක රියනක් එක් කරන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද?” (මතෙව් 26-27).

අප භුක්ති විඳින සියල්ල එනම් ජීවනෝපාය කරගෙන යාමේ ශක්තිය අපට උදව් කර ගැනීම පවා මැණිය නොහැකි තරමට අපට වටිනාකමක් දෙන අපට ප්‍රේම කරන ස්වර්ගීය පියාණන්ගෙන් පැමිණෙන ත්‍යාගයන්ය.

මවගේ ජීවිතයෙහි අවසන් කාලයෙහි මොළයෙහි ඇතිවූ රෝගයක් නිසා ඇයගේ නිර්මාණශීලිත්වය සහ මතක ශක්තිය අඩු විය. නමුත් ඇය දෙවියන්වහන්සේ කෙරෙහි තබා තිබූ විශ්වාසය සෙළවුණේ නැත. ඇය අපගේ නිවසේ කාලයක් ජීවත් වූවාය. බලාපොරොත්තු නොවන ක්‍රම වලින් ඇයට ලැබුණු දෙවියන්වහන්සේගේ සැපයීම සෘජුව නැරඹීමට අවස්ථාවක් මට උදාවිය. ඇය අඛණ්ඩව නිවැරදිවූ බව මට වැටහුණි. කණස්සලු වනවා වෙනුවට ඇය තමා බලා ගැනීමට පොරොන්දු වී සිටින තැනත්තාණන්ට භාර වූවාය. උන්වහන්සේ විශ්වාසවන්ත බව උන්වහන්සේ ඇයට පෙන්වූ සේක.