සාමාන්‍ය යෞවනයෙකු ලෙස මාද මාගේ මවගේ ආධිකාරිත්වයට එරෙහිව කැරළි ගැසිමි. මා තරුණ වියට පත්වීමට පෙර මාගේ පියා මිය ගියේය. ඒහෙයින් පැමිණෙන දැඩි රැළ ප්‍රහාරවලට මහුණ දීමට මගේ මවට සිදු විය. කිසිම විනෝදයක් මා ලබනවාට මගේ මව අකමැති යයි මම සිතීමි. මට ප්‍රේම නොකරනවාය කියාත් සිතීමි. ඊට හේතුව ඇය මට බොහෝ විට නැහැ කියා කී නිසාය. ඇය මට නැහැ කියා කීවේ මට ප්‍රේම කරන නිසාත් එම කාර්යයන් මට සුදුසු නැති නිසාත් බව මට තේරෙන්නේ දැන්ය.

ඉශ්‍රායෙල්වරු බබිලෝනියෙහි ගත කළ කාලය නිසා දෙවියන්වහන්සේ ඔවුන්ට කෙතරම් ප්‍රේම කළේද කියා ඔව්හු ඇසුවෝය. නමුත් ඔවුන් නොනවත්වා කැරළි ගැසූ නිසා බබිලෝනි වහල්කම දෙවියන්වහන්සේ ඔවුන් නිවැරදි කළ ආකාරය විය. ඒ හෙයින් දෙවියන්වහන්සේ අනාගතවක්තෘ මලාකි ඔවුන් වෙත එවූ සේක. ඔහු ඔවුන්ට ප‍්‍රකාශ කළ ස්වාමින්වහන්සේගේ මුල් වචන නම් “මම නුඹලාට ප්‍රේමකෙළෙමි” (මලාකි 1:2) යන්නයි. ඉශ‍්‍රායෙල් සැකයෙන් උත්තර දුන්නේය. දෙවියන්වහන්සේ ඔවුන්ට කෙසේ ප්‍රේම කළේදැයි ඇසුවෝය. එනම් “ඇත්තද?” කියා අසන්නාක් මෙනි. නමුත් මලාකි තුළින් දෙවියන්වහන්සේ ඔවුන්ට මතක් කළේ එම ප්‍රේමය පෙන්වූ මාර්ගයයි. උන්වහන්සේ ඒදොම්වරුන්ට ප්‍රථමයෙන් ඔවුන්ව තෝරා ගෙන තිබුණි.

අප සියලු දෙනා ජීවිතයේ අසීරු කාලවලින් යන්නෙමු. එවැනි කාල වලදී දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන ප්‍රශ්න කිරීමට පරීක්ෂාවන් අපට එනු ඇත. උන්වහන්සේගේ නොනවතින ප්‍රේමය ප්‍රදර්ශනය කළ බොහෝ මාර්ග අපි නැවත මතක් කර ගමු. අප උන්වහන්සේගේ ප්‍රේමය ගැන කල්පනා කරන විට උන්වහන්සේ ඇත්තෙන්ම ප්‍රේමණීය පියෙකු බව අපට වැටහෙන්නේය.