සෑහෙන කාලයක් ඔවුන්ගේ ගෙදර වාසය කළ පසු එම ගෙදර සාලය ගිලෙන බව මාගේ මිතුරෝ දැන ගත්තෝය. බිත්ති වල ඉරි තැලීම් මතු විය. ජනෙල් විවෘත කිරීමට නොහැකි විය. එම සාලය ගොඩනගා තිබුණේ අත්තිවාරමක් නොමැතිව බව පසුව ඔවුන්ට වැටහුණි. එය නිවැරදි කිරීම යනු අලුත් අත්තිවාරමක් දැමීමය. ඊට මාස ගණනාවක් ගතවනු ඇත.

ඔවුහු වැඩය අවසන් කළහ. මා එහි ගිය විට විශාල වෙනසක් නොපෙණුනි. (ඉරි තැළීම් මකා තිබුණි. ජනෙල් විවෘත විය). නමුත් මා තේරුම්ගත්තේ ශක්තිමත් අත්තිවාරමක ඇති අගයයි.

අපගේ ජීවිතවලද මෙය සත්‍යයකි!

ණැනවත් සහ අඥාන ගොඩ නගන්නන් ගැන යේසුස්වහන්සේ උපමාවක් කී සේක. එයින් පෙන්නුම් කළේ උන්වහන්සේට සවන් නොදීමේ විපාකයන්ය (ලූක් 6:46-49). උන්වහන්සේගේ වචනය නොසළකන අය මෙන් නොවේ උන්වහන්සේගේ වචනය අසා කීකරුවන අය ශක්තිමත් අත්තිවාරමක් මත ගොඩනැගුණු අය මෙන්ය. යේසුස්වහන්සේ තම අසන්නන්ට සහතික වූයේ කුණාටු පැමිණි විට ඔවුන්ගේ නිවාස පවතිනු ඇති බවය. ඔවුන්ගේ ඇදහිල්ල නැති නොවනු ඇත.

අප යේසුස්වහන්සේට ඇහුම්කන්දී කීකරු වන විට අපට සමාදානය ලබා ගත හැකිය. උන්වහන්සේ අප ජීවිතවලට ශක්තිමත් අත්තිවාරමක් සාදා දෙන සේක. බයිබලය කියවා යාච්ඤාකර අන් කිිතුණුවන්ට සවන් දී අප තුළ උන්වහන්සේගේ ප්‍රේමය ශක්තිමත් කරගත හැකිය. එවිට විශාල කුණාටු අපට විරුද්ධව පැමිණෙන විට – පාවා දීම් වේදනාව කලකිරීම – අපගේ ශක්තිමත් අත්තිවාරම ගැන අපට විශ්වාස කළ හැකිය. අපගේ ගැළවුම්කරුවාණෝ අපට අවශ්‍ය සහනය දෙන සේක.