2016 දී විදුලි සෝපාන වලින් සිදුවූ මරණ පහක් සහ අනතුරු පනහ නිසා නිව්යෝර්ක් නගර නිලධාරීන් නිශ්චලව ආරක්ෂිතව සිටින ආකාරය ගැන අධ්‍යයන ව්‍යාපෘතියක් ඇරඹීය. යමක් වැරදුන විට තමන් ගළවා ගැනීමට තැත් කළ අය වැඩි අනතුරුවලට ලක්වී තිබුණි. හොඳම ක‍්‍රියා සැලසුම වන්නේ “බොත්තම ඔබා නිශ්චලව බලා සිටීම” බව නිලධාරීන්ගේ අදහස විය. නිව්යෝර්ක් ගොඩනැගිලි බලධාරීන් සෙනග ආරක්ෂා කර ඔවුන් ගළවා ගැනිමට කැපවීමක් කළෝය.

ක‍්‍රියා පොතෙහි පේතෘස් දේශනා කළේද අපව ගළවා ගැනීමට උත්සාහ කිරීමේ මෝඩකම ගැනය. පොත ලියූ ලූක් මනහර සිද්ධියක් උපුටා දක්වන්නේය. ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් ඔවුන් නොදන්නා භාෂාවලින් කථා කළ බවයි (ක‍්‍රියා 2:1-12). පේතෘස් නැගිට තම යුදෙව් සහෝදරයන්ට විස්තර කළේ මේ ඔවුන් අත්දකින්නේ පුරාණ අනාවැකියක් ඉෂ්ට වීමක් කියාය (යෝවෙල් 2:28-32). ඒ ශුද්ධාත්ම වැගිරීම සහ ගැළවීමේ දවස කියාය. තමන්ගේ පාප සහ ඒවායෙහි බලපෑමෙන් තමන් ගළවන්න යයි යේසුස්වහන්සේගෙන් ඉල්ලූ අයගේ ජීවිත තුළ ශුද්ධාත්මයාණන්ගේ ආශිර්වාදය හොඳින් පෙණුනි. ඊළඟට පේතෘස් කීවේ දැන් ඕනෑම අයෙකුට මෙම ගැළවීම ලබාගත හැකි බවය (21 පදය). දෙවියන්වහන්සේ වෙතට යන මාර්ගය ලැබෙන්නේ ව්‍යවස්ථාව රැකීමෙන් නොව යේසුස්වහන්සේ, ස්වාමින්වහන්සේ සහ මෙසියස්වහන්සේ ලෙස පිළිගැනීමෙනි.

අප පාපයෙහි සිරවී සිටී නම් අපට අපවම ගළවා ගැනීමට බැරිය. ගැළවීමට අපට ඇති එකම බලාපොරොත්තුව නම් ස්වාමින් සහ මෙසියස් වහන්සේ ලෙස යේසුස්වහන්සේව පිළිගෙන විශ්වාස කිරීමය.