පොලිස් නිලධාරියෙකු වන මිග්ලියෝ ඔහු රාජකාරී කරන පොලිස් ස්ථානයේදී බිත්තියට හේත්තුවී තම වෙහෙස නිවා ගන්නට තැත් දැරීය. නිවසක අරගලයක් ගැන ඇමතුමක් නිසා ඔහුගේ සේවා කාලයෙන් අඩක්ම අවසන් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් පෙම්වතෙකු රිමාන්ඩ් ගත විය. තරුණ දියණියක් හදිසි අනතුරු වාට්ටුවෙන් නතර විය. මේවා ඇයි වෙන්නේ කියා සිතමින් චංචල වූ මවක් තනිවිය. මෙම ඇමතුම තරුණ නිලධාරියාගේ මතකයේ දිගුකලක් තිබෙනු ඇත.

“වික් ඔබට කරන්න දෙයක් නැහැ!” ඔහුගේ සාජන්ට් වරයා කීවේ සානුකම්පාවෙනි. නමුත් එම වචනවල හිස් බවක් ගැබ්ව තිබුණි. සමහර පොලිස් නිලධාරින් තම වැඩ කාර්යාලයේ තබා යති. වික් මිග්ලියෝට එසේ බැරිය. විශේෂයෙන් මෙවැනි අසීරු සිද්ධින්.

මිග්ලියෝගේ හදවත යේසුස්වහන්සේගේ සිතෙහි ඇතිවූ සානුකම්පාව පිළිබිඹු කරයි. ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෝ ප්‍රශ්නයක් සමග උන්වහන්සේ වෙත පැමිණ සිටියෝය. “ස්වර්ග රාජ්‍යයෙහි ඉතා උතුම්වන්නේ කව්ද?” (මතෙව් 18:1) කියා ඔවුන් ඇසූහ. කුඩා දරුවෙකු උන්වහන්සේ වෙත කැඳවා උන්වහන්සේ තම ගෝලයන්ට කීවේ “නුඹලා හැරී කුඩා දරුවන් මෙන් නූණොත්, කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුය.” (3 පදය) කියාය. ඉන්පසු දරුවන්ට බාධා කරන ඕනෑම කෙනෙකුට උන්වහන්සේ දැඩි අවවාදයක් දුන් සේක (6 පදය). උන්වහන්සේට දරුවන් එතරම් විශේෂ නිසා යේසුස්වහන්සේ ඔවුන්ට කීවේ “මක්නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිතරම දකිතියි” (11 පදය) කියාය.

කෙතරම් සහනයක්ද! යේසුස්වහන්සේ දරුවන් වෙත තබා ඇති ප්‍රේමය අප සියල්ලන්ට ඇති ප්‍රේමයට සම්බන්ධය. උන්වහන්සේ අපට ආරාධනය කරන්නේ දරුවෙක්ගේ ඇදහිල්ල වැනි ඇදහිල්ලකින් උන්වහන්සේගේ පුත්‍රයන් සහ දියණියන් වීමටය.