සමහර විට ජීවිතය හරහා යන ගමන ඉතා අසීරු විය හැකිය. එය දරා ගැනීමට නොහැකි වනු ඇත. අන්ධකාරයට අවසානයක් නැතැයි අපට සිතෙනු ඇත. අපගේ පවුලේ එවැනි අවස්ථාවක උදෑසන තම නිශ්චල කාලයෙන් පසුව මාගේ භාර්යාව අලුත් පාඩමක් ඉගෙන ගෙන තිබුණි. “මම හිතන්නේ අප මේ අන්ධකාරයේ ඉගෙන ගන්න දේවල් ආලෝකයේදී අමතක කරනවාට දෙවියන්වහන්සේ කැමති නැහැ!”.

පාවුල් මෙම අදහසම කොරින්තිවරුන්ට ලබා දෙයි (2 කොරින්ති 1). ආසියාවේදී ඔහු සහ ඔහුගේ කණ්ඩායම විඳි විශාල කරදර විස්තර කර දී පාවුල්ට අවශ්‍ය වූයේ අපගේ අඳුරුම කාලයන්හි පවා අපව මුදවා ලීමට දෙවියන්වහ්නසේට අවශ්‍ය බව කොරින්තිවරුන්ට තේරුම් ගැන්වීමටය. ඔහු කියන්නේ අන් අයට සහනය දීම පිණිස අප සහනය ලබා ඇති බවය (4 පදය). පාවුල් සහ ඔහුගේ කණ්ඩායම සමහර කාරණා දෙවියන්වහන්සේගෙන් ඉගෙන ගත්තේ කොරින්තිවරුන් එවැනි කරදර වලින් යන විට ඔවුන්ට සහනය දීමටය. දෙවියන්වහන්සේ එය අපටද උගන්වන සේක. ඒ අප ඇහුම්කන් දීමට සුදානම් වන්නේ නම් පමණක්ය. උන්වහන්සේ අපගේ පරීක්ෂාවලින් අපව මුදා ගන්නේ ඒවා අන් අයට සේවය කිරීම පිණිස යොදා ගන්නා ආකාරය ඉගැන්වීමටය.

ඔබ දැන් අන්ධකාරයේ සිටින්නේද? පාවුල්ගේ වචන සහ අත්දැකීම් වලින් දිරිමත් වන්න. දෙවියන්වහන්සේ ඔබගේ පියවර වලට මග පෙන්වීම දෙන බව විශ්වාස කරන්න. ඔබගේ සිතෙහි එහි සත්‍යයන් මුද්‍රා කරන බව දැන ගන්න. ඒ එවැනි අත්දැකීම් තුළින් යන අය සමග බෙදා ගැනීමටය. ඔබ ඔවුන්ට පෙර ඒවා අත්දැක ඇත. ඔබ නිවසට යන පාර දන්නේය.