2011 දී ජාතික ගුවන්තල සහ අභ්‍යාවකාශ සංගමය අභ්‍යාවකාශ පර්යේෂණයන්හි 30 වන වාර්ෂික සැමරුම පැවැත්වීය. එම දශක 3 තුළ ගගණගාමීන් 355 ස් දෙනෙකු අභ්‍යාවකාශයට ගෙන ගියෝය. ඒ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ගොඩ නැගීමට උපකාර ලබා ගැනීමටය. යානා 5 ක් සේවයෙන් අයින් කර දැන් ජාතික ගුවන්තල සහ අභ්‍යාවකාශ සංගමය එහි අවධානය ගැඹුරු අභ්‍යාවකාශය වෙත යොමු කර තිබේ.

මිනිස් වර්ගයා විසින් අති විශාල ප්‍රමාණයක කාලය සහ මුදල්ද සමග ගගණගාමීන්ගේ ජිවිතද කැප කර විශ්වයේ විශාලත්වය ගැන අධ්‍යයනය කර තිබේ. එසේ වුවත් දෙවියන්වහන්සේගේ තේජස පිළිබඳ සාක්ෂිය අපට මිණිය හැකි ප්‍රමාණයට වඩා බොහෝ එහා යන්නේය.

එක එක තරුවේ නාමය දන්නා විශ්වයේ පෝෂණකරුවාණන් සහ නිර්මාණකරුවාණන් ගැන අප කල්පනා කරන විට (යෙසායා 40:26) ගීතිකාකරු වන දාවිත් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පැසසීමට හේතුව අපට පැහැදිළි වන්නේය (ගීතාවලිය 8:1). ස්වාමින්වහන්සේගේ ඇඟිලි සළකුණු “සඳු සහ තාරකා” වල තිබේ. උන්වහන්සේ ඒවා නියමිත ස්ථානවල තබා ඇත (3 පදය). ස්වර්ගයෙහි සහ භූමියෙහි නිර්මාණකරුවාණෝ සියල්ලට ඉහළින් රජකම් කරන සේක. එසේම උන්වහන්සේ තමන් වහන්සේගේ ප්‍රේමණීය දරුවන් සියල්ලම සමගද සිටින සේක. එකිනෙකාට සමීපව සහ පුද්ගලිකව සළකන සේක (4 පදය). ප්‍රේමයෙන් දෙවියන්වහන්සේ අපට ශ්‍රේෂ්ඨ බලයක් වගකීමක් සහ වරප්‍රසාදයක් දෙන සේක. ඒ උන්වහන්සේ අපට දී ඇති ලෝකය බලා ගැනීමට සහ විමර්ශණය කිරීමටය (5-8 පද).

රාත්‍රියෙහි තරුවලින් සැරසුණු අහස අප අධ්‍යයනය කරන විට ඇල්මෙන් සහ අඛණ්ඩතාවයෙන් උන්වහන්සේ සෙවීමට අපගේ නිර්මාණකරුවාණන් අපට ආරාධනා කරන සේක. අපගේ තොල්වලින් ගලා යන සෑම යාච්ඤාවකට සහ ගීතිකාවකට උන්වහන්සේ සවන් දෙන සේක.