තරඟකාරී අයෝමය පුරුෂයන් ඉතා අමාරු පුහුණුවක් තුළින් යන්නෝය. මුල් මාස වලදී ඔවුන් ශක්තිය සහ ප්‍රමාණය වැඩිකර ගැනීමට වෙහෙසෙති. තරඟයට ළංවන විට අවධානය යොමු වන්නේ මාංශ පේශීන් සඟවන ශරීර තෙල් අඩු කිරීමටය. තරඟයට පෙර පැමිණෙන දවස් කිහිපයේදී ඔව්හු වෙනදාට වඩා අඩුවෙන් ජලය පාවිච්චි කරති. ඒ ඔවුන්ගේ මාංශ පේශීන් ඉලිප්පී පෙනෙන පිණිසය. පෝෂණය අඩුවෙන් ගැනීම නිසා තරඟ දිනයේදී ඔවුන් ශක්තිමත්ව පෙනුනත් ඔවුන් සිටින්නේ අවම ශක්ති ප්‍රමාණයකින්ය.

2 ලේකම් 20 හි ඊට විරුද්ධ යථාර්ථයක් අපි දකින්නෙමු. එනම් දෙවියන්වහන්සේගේ ශක්තිය අත්දැකීම පිණිස දුර්වලකම පිළිගැනීමය. “ඉතා විශාල හමුදාවක් ඔබට විරුද්ධව එන්නේය” කියා යෙහෝෂාපාට් රජුට සෙනග දැන්වූහ. එහෙයින් ඔහු “යුදා මුළුල්ලෙහි නිරාහාරයක් ප්‍රකාශයට පත් කළේය” (3 පදය). එසේ යෙහෝෂාපාට් ඔහුද ඔහුගේ සෙනගද පෝෂණයෙන් වැළැක්වීය. ඉන්පසුව ඔවුහු දෙවියන්වහන්සේගේ උපකාරය ඉල්ලුවේය. අවසානයේ ඔහු හමුදාව රැස්කල විට යුද හමුදාව ඉදිරියෙහි ඔහු සංගීත කණ්ඩායමක් තැබුවේය (21 පදය). ඔව්හු ගායනාව ආරම්භ කළෝය. ස්වාමින්වහන්සේ සතුරන්ට එරෙහිව මුරකාවල් යෙදවීය. යුදයේ සතුරෝ පැරදුණෝය (22 පදය).

යෙහෝෂාපාට්ගේ තීරණය දෙවියන්වහන්සේ කෙරෙහි ගැඹුරු ඇදහිල්ලක් පෙන්නුම් කරන්නේය. ඔහු උවමනාවෙන් තමන්ගේ මිනිස් සහ හමුදා බලය කෙරෙහි නොයැපී දෙවියන්වහන්සේ කෙරෙහි යැපීමට තීරණය කළේය. අප ඉදිරියට එන පරීක්ෂාවන් අපගේ ශක්තියෙන් මර්ධනය කිරීමට උත්සාහ නොකර උන්වහන්සේ වෙත හැරී අපගේ ශක්තිය වීමට උන්වහන්සේට ඉඩ දෙමු.