තම නිවසේ සිට නගරයට පැමිණි බොබ්, බසයෙන්  බැස ගත්තේය. ඔහු දුවිල්ලෙන් නැහැවී අව් රශ්මියෙන් හෙම්බත්වී සිටියේය. දිගු ගමනකින් ඔහු වෙහෙසව සිටියේය. එම ප්‍රදේශයේ තම මිතුරන්ගේ මිතුරන් සමග රාත‍්‍රී ආහාරය ගැනීමට හැකිවීම ගැන ඔහු සතුටට පත්ව සිටියේය. ඔව්හු ඔහුව පිළිගත්තේය. එක්වරම ඔහුට සමාදනයක් දැණුනි. නිවසට ආවාක් මෙන් පහසුව, ආරක්ෂිත බව සහ තමා ගැන වටිනාකමක් ඇතුවාක් මෙන් දැණුනි.

පසුව නොදන්නා ස්ථානයක තමාට එවැනි සමාදානයක් ලැබුණේ කෙසේදැයි ඔහු කල්පනා කරන අතර 2 කොරින්ති පොතෙන් බොබ්ට පිළිතුරු ලැබුණි. පාවුල් ක‍්‍රිස්තුස්වහන්සේ අනුගමනය කරන අය විස්තර කරන්නේ “ක්‍රිස්තුස්වහන්සේගේ මිහිරි සුවඳක්” ඇති අය ලෙසය. “ඒක තමයි වුනේ” බොබ් තමාටම කියා ගත්තේය. ඔහුව පිළිගත් අය සුවඳ පැතිරවූයේ “ක්‍රිස්තුස්වහන්සේ මෙන්ය”.

දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සෙනග “ජයග්‍රාහී පෙරහැරෙන්” ගෙන යන්නේ තම සත්‍යය දෙපස පතුරවමින්ය. ඒ පැරණි ලෝකයේ තිබු පුරුද්දකි. ජයග්‍රාහී හමුදාවක් පාරවල යමින් සුවඳ දුම් පතුරුවා හරිති. ඔවුන්ගේ පක්ෂයේ අයට එම සුවඳ ජයග්‍රහණයේප්‍රීතිය ඇති කළේය. එසේම දෙවියන්වහන්සේව විශ්වාස කරන අය වෙත උන්වහන්සේගේ සෙනග ප්‍රසන්න සුවඳ පතුරුවන්නෝය. එය අපම නිර්මාණය කරන දෙයක් නොවේ. උන්වහන්සේගේ දැනුම අප පතුරුවන විට දෙවියන්වහන්සේ අපට දෙන දෙයකි.

බොබ් මගේ පියාය. එම දුර ගමන සිදුවූයේ වසර 40 කටත් පෙරය. නමුත් එය ඔහුට අමතක වන්නේ නැත. ක්‍රිස්තුස්වහන්සේ මෙන් සුවඳ විහිද වූ එම සෙනග ගැන කථාව ඔහු තවම කියන්නේය.