එය ඉතා ශීතල දිනයක් විය. මාගේ මනසෙහි තිබුණේ මා ගමන් කරමින් සිටි උණුසුම් වාහනයෙන් බැස උණුසුම් ගොඩනැගිල්ලකට යාමය. ඊළඟට මා දැන ගත්තේ මා බිමට බැස්ස බවය. මාගේ දණහිස් ඇතුළට නෙරා මාගේ පාද වල පහත කොටස් පිටතට නෙරා ගියේය. කිසිවක් බිඳුණේ නැත. නමුත් මම වේදනාවෙන් සිටියෙමි. වේදනාව කාලය සමග වැඩිවනු ඇත. මම සම්පූර්ණ සුවය ලබන්නට සති ගණනාවක් ගතවනු ඇත.

එවැනි වේදනාවකට පත් නොවී ඇත්තේ අප අතරින් කවුරුන්ද? අපව සෘජුව තබාගැනීමට කෙනෙකු සිටින්නේ නම් කෙතරම් මනහරද? භෞතික වශයෙන් සෑම විටම සෘජුව සිටීමක් සහතික කළ නොහැකිය. ක්‍රිස්තුස්වහන්සේට ගෞරවය දීමට මේ ලෝකයේදී අප ආශාවන විටද ඊළඟ ජීවිතයේදී දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතියෙන් සිට ගැනීමට උපකාර කිරීමටද කෙනෙකු නම් ඇත්තේය.

සැම දිනකම අපි පරික්ෂාවන් වලට මුහුණ දෙමු. (සමහර විට ව්‍යාජ ධර්මවලටය). ඒවා අපගේ අවධානය වෙනතකට ගෙන යාමටද වියවුල් කිරීමටද අපව පැටලීමටද උත්සාහ කරයි. නමුත් මේ ලෝකයෙහි ගමන් කරන විට අප සෘජුව සිටින්නේ අපගේ උත්සාහයෙන් නොවේ. කෝපයෙන් මොර ගැසීමට සිතෙන විට නිශ්චලව සිටීමටද; රැවටීමට සිතෙන විට අවංක වීමටද; වෛරය වෙනුවට ප්‍රේමය තෝරා ගන්නා විටද; වරද වෙනුවට සත්‍යය තෝරා ගන්නා විටද; සෘජුව සිටගෙන සිටීමට අවශ්‍ය බලය දෙවියන්වහන්සේගෙන් අපට ලැබෙන්නේය. ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන දිනයේදී අප දෙවියන්වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේගේ අනුමැතිය ඇතිව සිටගෙන ඉන්නා විට උන්වහන්සේගේ අඛණ්ඩ අනුග්‍රහය ගැන අප දැන් කරන ප්‍රශංසා සදාකාලය තුළම දෝංකාරය දෙනු ඇත.