නිව් යෝර්ක් නගරයේ සැප්තැම්බර් 11 ජාතික ස්මාරකය නැරඹීමට වරක් ගිය විට එහි තිබෙන පරාවර්තනය වන නිවුන් පොකුණුවලින් එකක් මම ඡායාරූප ගත කළෙමි. මේ පොකුණු වටා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේදී මිය ගිය 3000 ක් පමණ සෙනගගේ නාම තඹ ලෑලිවල කැටයම් කර තිබේ. පසුව එම ඡායාරූපය දෙස හොඳින් බලද්දී ස්ත්‍රියක් එක නමක් මත අත තබා ගෙන ඉන්නවා මම දුටුවෙමි. බොහෝ අය මෙම ස්ථානයට අවුත් නමකට අත තබා ඔවුන් ප්‍රේම කළ අය සිහි කරති.

යෙසායා අනාගතවක්තෘ තුමා දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ සැළකිල්ල උන්වහන්සේගේ සෙනගට මතක් කළේය. ඔවුන් බොහෝ විට උන්වහන්සේගෙන් ඉවත්ව ගියද ස්වාමින්වහන්සේ කීවේ “භය නොවන්න. මක්නිසාද මම නුඹ මුදා ගතිමි. නුඹේ නම කිය හඬ ගැසීමි. නුඹ මාගේය” (යෙසායා 43:1). කියාය.

23 වන ගීතාවලියේ දාවිත් ලීවේ “මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය….. සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය.” (4 සහ 6 පද) යනුවෙනි.

අප කොහේ සිටියත් අපගේ තත්ත්වය කුමක් වූවත් දෙවියන්වහන්සේ කිසි විටෙක අපව අමතක කරන්නේ නැත. උන්වහන්සේ අපගේ නම් දන්නා සේක. උන්වහන්සේගේ නොවරදින ප්‍රේමයෙන් අපව තදින් අල්ලාගෙන සිටින සේක.