තරුණ කණ්ඩායමක් සමග මම ධර්මදූත ගමනකට සුදානම්ව සිටින විට බොහෝ විට ඇසුණු ප්‍රශ්නයක් නම් “වයි-ෆයි තියෙනවාද” යන්නය. එහි ඇති බවට මම ඔවුන්ට සහතික වන්නෙමි. වයි-ෆයි නැතිවුනු එක් දිනකදී ඇසුණු විලාප සහ කෙඳීරීම් ගැන ටිකක් සිතා බලන්න.

අපගේ ස්මාර්ට් දුරකථනවලින් වෙන්වූ විට අපි බොහෝ කණස්සල්ලට පත්වෙමු. එසේම අපගේ අයි-ෆොන් සහ ඇන්ඩ්‍රොයිඩ් අපගේ අතෙහි ඇති විට අපි එයට ඇලී ගැලී යන්නෙමු.

බොහෝ දේවල් මෙන් අන්තර්ජාලයද ඉන් අපට ළඟාවිය හැකි බොහෝ දේවල්ද අපගේ අවධානය වෙනතක යොමු කිරීමක් හෝ නැතිනම් ආශිර්වාදයක් හෝ විය හැකිය. එහි ප්‍රතිඵලය අප එයින් කරන දෙය අනුවය. හිතෝපදේශයෙහි අප කියවන්නේ “නුවණ ඇත්තාගේ සිත දැනගැන්ම සොයයි. එහෙත් අඥානයාගේ මුඛ්‍ය මෝඩකම අනුභව කරයි” (15:14) කියාය.

දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ජීවිතයට අදාල කර ගනිමින් අපට අපගෙන්ම අසා ගත හැක්කේ දිනය පුරාම අපගේ සමාජ ජාලයන් දෙස අප බලා සිටිමුද? අපට ඇති පිපාසයන් ගැන එයින් අර්ථවත් වන්නේ කුමක්ද? අප අන්තර්ජාලයෙහි නරඹන දේවල් අර්ථවත් ජීවිතයකට උපකාර වන්නේද (16-21 පද), නැතිනම් අප බලන්නේ ඉවත දැමිය හැකි ඕපාදුප, ද්‍රව්‍යාත්මක වින්දනයන්ද නැතිනම් ලිංගික අපවිත්‍ර දේවල්ද.

අප ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාවලට භාර වන විට “සැබෑ ගරුකටයුතු ….නිවැරදි, ආදරණීය, ප්‍රශංසාත්මක” (පිලිප්පි 4:8) දේ වලින් අපගේ මනස පුරවා ගැනීමට අපට හැකිවේ. දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙන් උන්වහන්සේට ගරුත්වය ලැබෙන හොඳ තීරණ ගැනීමට අපට පුළුවන.