ගිප් හාර්ඩින් මෙතෝදිස්ත දේශකයෙකු විය. ඔහු තම පුත්‍රයාට ප්‍රසිද්ධ දේශක ජෝන් වෙස්ලිගේ නම තැබීය. ඔහු තම ළදරුවාගෙන් බලාපොරොත්තු වූ දේවල් එම නමින් කියවිණ. නමුත් ජෝන් වෙස්ලි හාර්ඩින් ඛේදනීය ලෙස තෝරා ගත්තේ ඔහුගේ නමින් ප්‍රදර්ශනය වූ දේව සේවය නොවේ. ඔහු මනුෂ්‍ය ඝාතන 42 ක් සහිතව 1800 ගණන්වල තුවක්කු වලින් පහරදීම් කළ සහාසික අපරාධකරුවෙක් බවට පත්විය.

බොහෝ සංස්කෘතීන්වල මෙන් බයිබලයෙහිද නම් වලට විශේෂ වැදගත්කමක් තිබේ. දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ උපත දැනුම් දෙමින් දේවදුතයා යෝසෙප්ට උපදෙස් දුන්නේ මරිය තුමීගේ දරුවාට “යේසුස් යන නාමය තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේය.” (මතෙව් 1:21) යනුවෙනි. යේසුස්වහන්සේගේ නාමයෙහි අර්ථය “යෙහොවා: ගළවනු ඇත” යන්නය. එය උන්වහන්සේ මෙලොවට පැමිණ පාපයෙන් ගළවන සේවය සහතික කළේය.

හාර්ඩින් මෙන් නොව යේසුස්වහන්සේ තම නමෙහි පරිසමාප්තයෙන්ම ජීවත් වූ සේක. ගැළවීමේ සේවය තම මරණින් සහ නැවත නැගිටීමෙන් උන්වහන්සේ ඉෂ්ට කළ සේක. යේසුස්වහන්සේගේ නාමයේ ඇති ජීවනදායක බලය යොහන් සහතික කලේය. “නුමුත් මේවා ලියනලද්දේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාසකරන පිණිසත් විශ්වාසකොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය.” (යොහන් 20:31). ක‍්‍රියා පොත උන්වහන්සේව විශ්වාස කිරීමට ආරාධනාවක් දෙන්නේය. “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය” (ක‍්‍රියා 4:12).

යේසුස්වහන්සේගේ මැනිය නොහැකි නාමයෙන් ඇදහිල්ලෙන් ආරාධනය කරන අයට උන්වහන්සේ දෙන සමාව සහ බලාපොරොත්තුව අත්දැකිය හැකිය. ඔබ උන්වහන්සේගේ නාමය හඬ ගැසුවේද?