බයිබල් පාසැල් වැඩසටහනක් තුළ දරුවන්ට කෑම වර්ග බෙදා දීමකදී තම කෑම ඉතා වේගයෙන් ගිල දමන දරුවෙකු අපි දුටුවෙමු. ඉන්පසු ඔහු ඔහුගේ මේසයේ අනිත් ළමුන් ඉතිරි කළ සියල්ලද කා දැමුවේය. මම ඔහුට පොරි මල්ලක් දුනිමි. ඉන්පසුවද ඔහු තෘප්තියට පැමිණියේ නැත. නායකයින් මෙන් අපගේ සැළකිල්ල වූයේ මෙම දරුවාගේ සාගින්න නොනිවෙන්නේ ඇයි කියාය.

අපගේ හැඟීම්වලදී අපට ඒවා තෘප්තිමත් කළ නොහැකි බව මම කල්පනා කළෙමි. අපගේ හැඹුරු ආශා සංසිඳවන ක්‍රම අපි සොයන්නෙමු. නමුත් අපව සම්පූර්ණයෙන් තෘප්තියට පත්කරන දේවල් අපට හමුවන්නේ නැත.

අනාගතවක්තෘ යෙසායා සාගිනි සහ පිපාසය ඇති අයට ආරාධනා කරන්නෙ “ඇවිත් අරන් කන්න” (යෙසායා 55:1) යනුවෙනි. ඉන්පසුව ඔහු අසන්නේ “කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද?” (2 පදය) කියාය. යෙසායා මෙහිදී කථා කරන්නේ භෞතික සාගින්න ගැන පමණක් නොවේ. උන්වහන්සේ අප සමග සිටිනවා යන පොරොන්දුව තුළින් අපගේ ආත්මික සහ හැඟීම්වල ඇති සාගින්න නිවාලන්න උන්වහන්සේට පුළුවන. 3 වන පදයෙහි ඇති “සදාකාලික ගිවිසුම” දෙවියන්වහන්සේ දාවිත්ට 2 සාමුවෙල් 7:8 හිදී කළ පොරොන්දුව මතක් කිරීමකි. දාවිත්ගේ පෙළපත් ලැයිස්තුවේ සෙනග දෙවියන්වහන්සේ සමග නැවත එකතු කිරීමට එන ගැළවුම්කරුවෙකු ගැන සඳහන් වන්නේය. පසුව යොහන් 6:35 සහ 7:27 හි යෙසායා දුන් ආරාධනා යේසුස්වහන්සේ නැවත අප වෙත දිගු කරන සේක. එලෙස යෙසායා සහ අන් අනාගතවක්තෘන් පෙර සඳහන් කළ ගැළවුම්කරුවාණන් තමන් බව යේසුස්වහන්සේ පිළිගත් සේක.

ඔබ සාගිනිවී සිටීද? උන්වහන්සේගේ අභිමුඛයට පැමිණ පූර්ණවන්න යයි දෙවියන්වහන්සේ ඔබට ඇරයුම් කරන සේක.