මම කළු වර්ණ චොකලට් වලට කැමති නිසා “කළු චොකලට් ඔබට හොඳද?” සොයා බැලීමට ගූගල් වෙත පිවිසියෙමි. එයින් මට විවිධ ප්‍රතිඵල ලැබුණි. සමහර ඒවා හොඳයි කියාද සමහර ඒවා හොඳ නැත කියාද ප්‍රතිඵල ලැබුණි. ඔබටද ඕනෑම ආහාර වර්ගයක් ගැන දැන ගැනීමට එසේ කළ හැකිය. කිරි ඔබට හොඳද? කෝපි ඔබට හොඳද? බත් ඔබට හොඳද? මෙම ප‍්‍රශ්නයට හිසරදයක් සෑදෙන පිළිතුරු මාලාවක් තිබේ. එසේ හෙයින් ඒවා සොයා යෑම එතරම් හොඳ නැති විය හැකි බව ඔබ දැන ගත යුතුවේ. එය ඔබට හිසරදයක් ගෙන දෙනු ඇත.

නමුත් ඔබ ඔබටම සෑම විටම සියයට සියයක් හොඳ යමක් සොයන්නේ නම් මා ඔබට දේව වචනය හඳුන්වා දෙන්නද? දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවයක් ගොඩ නැගීමට කැමති යේසුස්වහන්සේගේ ගෝලයෙකුට එයට කළ හැකි දේවල් බලන්න.

ඔබව පවිත්‍රව තැබීමට එයට පුළුවන (ගීතාවලිය 119:9,11)

එය ඔබට ආශිර්වාද කරයි (ලූක් 11:28)

එය ඔබව ණැනවත් කරයි (මතෙව් 7:24)

එය ආලෝකය සහ අවබෝධය දෙයි (ගීතාවලිය 119:130)

එය ඔබට ආත්මිකව වර්ධනය වීමට උපකාරී වේ (1 පේත්‍රැස් 2:2).

අපගේ දෙවියන්වහන්සේ යහපත්ය. “ස්වාමීන්වහන්සේ සියල්ලන්ට යහපත්ය”යි ගීතාවලිය 145:9 පවසයි. උන්වහන්සේගේ යහපත්කම තුළින් උන්වහන්සේ දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවය වර්ධනය කිරීමට උපදෙස් පොතක් දී ඇත. ඒ උන්වහන්සේට ප්‍රේම කරන අයටය. බොහෝ තෝරා ගැනීම් ඇති ලෝකයක ජීවත් වන ආකාරය තීරණය කිරීමට අප උත්සාහ කරන විට අපට යහපත් දේ කුමක්දැයි දේව ලියවිල්ලේදී හමුවේ. එයට අපි දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමු. අපද ගීතිකාකරු සමග මෙසේ කියම. “ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද! එසේය, ඒවා මාගේ කටට මීපැණිවලට වඩා මිහිරිය” (ගීතාවලිය 119:103).