දිනපතා පාවිච්චිය නිසා ගෙවී ඇති දිනපොත්වල යාච්ඤාවක් සහ ප්‍රශංසාවක් ලියා ගන්නා සෙනග මාගේ ඇගයීමට ලක්වේ. ඉන්පසු ඔවුන් එම ලැයිස්තු පිළිවෙළට සකස් කරගනිති. එසේම අන් අය සමග යාච්ඤාවට රැස්වන දණගැසීම නිසා තම ඇඳන් අසළ ඇති කාපට් ගෙවී ගිය අය තුළින් මම ජ්වලිත වෙමි. මම ඔවුන්ගේ ක්‍රමය ඉගෙනීමටද පරිපූර්ණ යාච්ඤා ජීවිතයක් අනුගමණය කිරීමටද එසේම මට වඩා අලංකාර ලෙස යාච්ඤා කරන අය මෙන් කිරීමටද තැත් දැරීමි. මා අභිරහසක් යයි සිතු දෙයක් එළිදරව් කර ගැනීමට උත්සාහ කළෙමි. යාච්ඤා කිරීමේ හරිමග ඉගෙනිමට මම ආශා කළෙමි.

ටිකෙන් ටික මම ඉගෙන ගත්තේ අපගේ ස්වාමින්වහන්සේගේ ආශාව වන්නේ යාච්ඤාව යටහත්කමින් ආරම්භ වී යටහත්කමින් අවසන් වන එකක් වීමයි (මතෙව් 6:5). සමීප අදහස් හුවමාරුවකට උන්වහන්සේ අපට ආරාධනා කරන සේක. ඒවාට ඇහුම්කන් දීමට පොරොන්දු වන සේක (6 පදය). උන්වහන්සේට අලංකාර වචන හෝ කට පාඩම් කරන ලද වාක්‍ය කණ්ඩයන් අවශ්‍ය නැත (7 පදය). යාච්ඤාව ත්‍යාගයක් බවද උන්වහන්සේගේ තේජසට ගෞරවය දෙන දෙයක් බවද (9-10 පද) උන්වහන්සේගේ සැපයීම ගැන අපට ඇති සහතිකය පෙන්නුම් කරන්නක් බවද (11 පදය) උන්වහන්සේගේ සමාව දීම සහ මග පෙන්වීම ගැන අපගේ ස්ථිරතාවය දක්වන්නක් බවද (12-13 පද) දෙවියන්වහන්සේ අපට සහතික කරන සේක.

දෙවියන්වහන්සේ අපට ස්ථිර කරන්නේ කන්නලව් ලෙසින් අපගේ ඇස් වලින් ගලන කඳුළු බිඳු මෙන්ම අපගෙන් කියවෙන සහ නොකියවෙන සෑම යාච්ඤාවක්ම අසා ඒවා ගැන උන්වහන්සේ සළකන බවය. අප දෙවියන්වහන්සේ සහ උන්වහන්සේ අපට දෙන සම්පූර්ණ ප්‍රේමය මතත් අපගේ විශ්වාසය තබන විට අපට ස්ථිර විය හැක්කේ නිවැරදි යාච්ඤාව නම් යටහත් සිතකින් භාර වීමෙන් සහ උන්වහන්සේ තුළ යැපීමෙන් කරන යාච්ඤාව බවය.