1800 ගණන්වල ලංඩනයේ තම සභාවේ සිටි චාර්ල්ස් ස්පර්ජන් විසින් දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අත්වල අපව කොට ගෙන ඇති බව සඳහන් වන යෙසායා 49:16 හි වටිනාකම ගැන දේශනා කිරීමට ඉතා ආශා විය. ඔහු කීවේ එවැනි ඡේදයක් සිය වාර ගණන් දේශනා කළ යුතුය කියාය. එහි ඇති සිතුවිල්ල ඉතා වටී. එය අපගේ මනසේ නැවත නැවත ක්‍රියාත්මක කළ හැකිය.

ස්වාමින්වහන්සේගේ සෙනඟවන ඉශ්‍රායෙල්වරුන්ට දුන් මෙම පොරොන්දුව සහ අප වෙනුවෙන් යෙසුස්වහ්න්සේ කුරුසියේ කළ පුජාව සමග මනහර ලෙස සම්බන්ධ වන ආකාරය ස්පර්ජන් පෙන්වා දෙන්නේය. ස්පර්ජන් ඇසුවේ “ඔබවහන්සේගේ දෑතෙහි තිබෙන මෙම කැළැල් මොනවාද?” කියාය. කැටයම්කරුගේ ආයුධ ඇණ වේ. එයට උපකාර ලැබුණේ මිටියෙනි. උන්වහන්සේගේ හස්තයෙහි සත්‍ය ලෙසටම උන්වහන්සේගේ සෙනග කැටයම් වීමට නම් උන්වහන්සේ කුරුසියට තබා ඇණ ගැසිය යුතු වන්නේය. එම නිසා යේසුස්වහන්සේ කුරුසියේදී තම දෑත් දිගු කළ සේක. අපගේ පාප වලින් අප නිදහස් වන පිණිස උන්වහන්සේ තම දෑත්වල ඇණ පහර ලැබූ සේක.

දෙවියන්වහන්සේ අපව අමතක කර ඇතැයි සිතීමට අපට පරික්ෂාවන් එන විට අපට ඇත්තේ අපගේ දෑත් දෙස බලා දෙවියන්වහන්සේගේ පොරොන්දුව මතක් කර ගැනීමය. උන්වහන්සේගේ දෑත්වල අප වෙනුවෙන් නොමැකෙන ලෙස සළකුණු කෙටී ඇත්තේය. උන්වහන්සේ අපට එතරම් ප්‍රේම කරන සේක.