එලිසබෙත් බොහෝ කාලයක් මත් ද්‍රවය ඇබ්බැහිවීම් සමග පොර බැදු ස්ත්‍රියෙකි. ඇය ඉන් ගැළවුනු විට අන් අයට උපකාර වීමට ඇයට අවශ්‍ය විය. ඇය පත්‍රිකා ලියා නිර්නාමිකව නගරයේ තැන් තැන්වල තැබුවාය. එලිසබෙත් ඒවා වාහනවල වයිපර් අතරද උද්‍යානවල කණුවලද ගැසුවාය. ඇය බලාපොරොත්තුවේ ලකුණු සෙවුවාය. දැන් ඇය අන් අයට හමුවන පිණිස ඒවා තබන්නීය. ඇයගේ එක් පත්‍රිකාවක් අවසන් වන්නේ : “බොහෝ ප්‍රේමය සමග බලාපොරොත්තුව එවනු ලැබේ” යනුවෙනි.

ප්‍රේමය සමග බලාපොරොත්තුව – යේසුස්වහන්සේ දෙන්නේ එයයි. උන්වහන්සේ සෑම අලුත් දවසකම අපට ප්‍රේමය ගෙන අවුත් බලාපොරොත්තුවෙන් අප ශක්තිමත් කරන සේක. උන්වහන්සේ පේ‍්‍රමය සීමා කර බිංදුවෙන් බිංදුව අපට ලබා දෙන්නේ නැත. උන්වහන්සේගේ හදවතින් එය නිදහසේ ගලා එන්නේය. අපගේ හදවත් තුළට බහුල ලෙස වැගිරෙන්නේය. දෙවියන්වහන්සේ අපට කෙතරම් ප්‍රේම කරන්නේ දැයි අපි දනිමු. ඊට හේතුව “ශුද්ධාත්මයාණන් කරණකොට ගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවා” ඇති නිසාය (රෝම 5:5). උන්වහන්සේ අසීරු කාල භාවිතා කර අපගේ දරා ගැනීමේ ශක්තිය සහ චරිතය වර්ධනය කර අපට තෘප්තිමත් බලාපොරොත්තුවෙන් පිරි ජීවිතයක් ඇති කිරීමට ආශා කරන සේක (3-4 පද). එසේම අප උන්වහන්සේගෙන් ඈත්ව සිටියදීත් උන්වහන්සේ අපට ප්‍රේම කරන සේක (6-8 පද).

ඔබ බලාපොරොත්තුවේ සළකුණක් සොයන්නේද? ස්වාමින්වහන්සේ අපට බලාපොරොත්තුව සමග ප්‍රේමය දෙන සේක. ඒ උන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවයෙහි වර්ධනය වීමටය. තෘප්තිමත් ජීවිතයකට ඇති අපගේ බලාපොරොත්තුව නොවෙනස්වන උන්වහන්සේගේ ප්‍රේමය තුළ නැංගුරම් ලා ඇත.