“මම ඔබේ සහෝදරයා. ඔබ මට ඇහුම්කන් දෙන්න ඕනෑ”. මෙම ඇවිටිල්ල අපගේ අසල්වැසි වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිටවිය. ඊට හේතුව ඔහුගේ මල්ලී වැඩිමහල් සහෝදරයාට පාලනය කර ගැනිමට නොහැකි දුරකට යමින් සිටි නිසාය. පැහැදිළිවම වැඩිමහල් සහෝදරයා ඒ අවස්ථාවේදී තත්ත්වය තීන්දු කිරීමට, වඩා හොඳ තැනැත්තාව සිටියේය.

සහෝදරයෙකුගේ හෝ සහෝදරියෙකුගේ හෝ අවවාද අප කී දෙනෙක් මග හැර ඇද්ද? ඔබට වඩා මුහුකුරා ගිය කෙනෙකුගේ අවවාද මග හැරීමට ඔබට අවස්ථාව උදාවී ඇද්ද? එසේ නම් එසේ කර ඇත්තේ ඔබ පමණක් නොවේ.

යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන් ලෙස අපට තිබිය හැකි ශ්‍රේෂ්ඨතම මුලාශ්‍රයක් නම් පවුලයි. ඒ උන්වහන්සේ තුළ ඇති පොදු ඇදහිල්ල නිසා ආත්මිකව සම්බන්ධව සිටින හෙයිනි. මේ පවුලට දෙවියන්වහන්සේටද එකිනෙකාටද ප්‍රේම කරන ස්ත්‍රී පුරුෂයන් සම්බන්ධය. මාගේ අසල්වැසි කුඩා සහෝදරයා මෙන් නැවත මාර්ගයට පැමිණීම පිණිස අපට නිවැරදි කිරීමේ වචනයක් සමහර වේලාවන්හිදී අවශ්‍ය වේ. මෙය විශේෂයෙන් අවශ්‍ය වන්නේ අපි කෙනෙකුට රිදවූ විට හෝ යමෙකු අපට රිදෙවු විටය. හරි දේ කිරීම අසීරු විය හැකිය. එහෙත් අපගේ ආත්මික පවුල තුළ යම් වරදවල් සිදුවූ විට අප කළ යුත්තේ කුමක්දැයි මතෙව් 18:15-20 දක්වා පෙන්වා දෙන්නේය.

ස්තුති දීමට කාරණයක් නම් උන්වහන්සේට සහ අන් අයට ගරුත්වය දීමට කැමති සෙනග දෙවියන්වහන්සේ අපගේ ජීවිතවලට දී තිබීමය. අප ඇහුම්කන් දෙන විට පවුලේ කාරණා වඩා හොඳින් සිදුවේ.