ඔස්ට්‍රේලියාවේ දකුණු වෙරළ අසල මුහුදෙහි බොහෝ වරක් දක්නට ලැබුණු සුදු පැහැති මොල්ලිය සහිත විශාල තල්මහ පළමුවරට ලේඛණ ගතවූ එවැනි තල්මසා වෙයි. ඌ ඉතා අනර්ඝ සත්වයෙකි. අඩි 40 කට වඩා දිගය. එම සතුන් එතරම් දුලභ නිසා ඔස්ට්‍රේලියානු රජය ඌ ආරක්ෂා කිරීමට විශේෂ නීති පැනවීය.

බයිබලයේද විශාල මත්ස්‍යයෙකු ගැන පවසයි. දෙවියන්වහන්සේ එම මත්ස්‍යා එවන ලද්දේ පැන යමින් සිටි අනාගතවක්තෘ කෙනෙක් ගිළ දැමීමටය (යෝනා 1:17). බොහෝ අය එම කථාව දනිති. නිනිවය වෙත විනිශ්චයේ පණිවුඩයක් ගෙන යන්න යයි දෙවියන්වහන්සේ යෝනාට කී සේක. නමුත් යෝනාට නිනිවවරුන් ආරක්ෂා කිරීමට කිසිම ආශාවක් නොවීය. නිනිවවරුන් කෲරත්වය ගැන සුප්‍රකටව සිටියහ. සියල්ලන්ට එනම් හෙබ්‍රෙව්වරුන්ට ඔවූහු කෲර වූහ. ඒ හෙයින් යෝනා පැන දිවීය. නමුත් කාරණා නරක අතට හැරිණ. මත්ස්‍යයාගේ බඩෙහි සිට යෝනා පසුතැවිලි විය. අවසානයේ ඔහු නිනිවවරුන් හට දේශනා කළේය. ඔව්හු පසුතැවිලි වූහ (3:5-10).

එය ශ්‍රේෂ්ඨ කථාන්තරයක් බව කීම නිවැරදිය. නමුත් එය එතැනින් හමාර වන්නේ නැත. නිනිවය පසුතැවිලි වුවද යෝනාට කේන්ති ගියේය. “ස්වාමීන්වහන්ස,… මා කීවේ මෙය නොවේද? … ඔබ දයාවන්තවූ, අනුකම්පා ඇත්තාවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ, … දෙවිකෙනෙකු බව දැනගන සිටියෙමි.” (4:2). අනිවාර්යයෙන් මරණයෙන් ගළවනු ලැබූවද යෝනාගේ පාපකාරී කෝපය වර්ධනය වී ඔහුගේ යාච්ඤාවේ පවා සියදිවි නසා ගැනීමට කැමැත්තක් විය (3 පදය).

යෝනාගේ කථාව මත්ස්‍යයා පිළිබඳව නොවේ. එය අපගේ මිනිස් ස්වභාවය ගැනය. එසේම අප පසුපස හඹා එන දෙවියන්වහන්සේ ගැනය. දෙවියන්වහන්සේ නුඹලා ගැන ඉවසන සේක කියා පේත්‍රැස් පවසයි. “සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නොකැමැතිව” (2 පේත‍්‍රෑස් 3:9). දෙවියන්වහන්සේ කුරිරු නිනිවවරුන්ටද කෝපවූ අනාගතවක්තෘන්ටද ඔබට සහ මටද තම ප්‍රේමය ඉදිරිපත් කරන සේක.