සමහර විට නිවැරදි දේ කිරීමට උත්සාහ කිරීම අධික වෙහෙස ගෙන දිය හැකිය. “මා හොඳ අරමුණකින් කීවාවූ වචන සහ මාගේ ක්‍රියා වලින් කිසි වෙනසක් සිදුවුයේද?”. මෑතකදී මෙය මා සිතුවේ මිතුරෙක් දිරිමත් කිරීමට යාච්ඤාවෙන් යුතුව විද්‍යයුත් පණිවුඩයක් යැවූ පසුය. මට ලැබුණේ කෝපයෙන් පිරි ප්‍රතිචාරයක් පමණි. මාගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ කෝපය හා සිත් රිදීමය. “මාව මෙතරම් වැරදියට තේරුම් ගැනෙන්නේ ඇයි?”.

මා කෝපයෙන් ප්‍රතිචාර දැක්වීමට ප්‍රථම අපි යේසුස්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බව යමෙකුට කියද්දී සෑම විටම ප්‍රතිඵල (අපි ආශා කරන ප්‍රතිඵල) නොදකින බව මට මතක් වුනි. යමෙකු යේසුස්වහන්සේ වෙත ළං කිරීමට අපි යහපත් ක්‍රියා කරන විට ඔවුන් අපව ප්‍රතික්ෂේප කිරීමට පුළුවන. කෙනෙකු පෙළඹවීමට අප කරන මෘදු උත්සාහයන් නොසළකා හැරීමට පුළුවන.

අපගේ අවංක උත්සාහයන්ට ලැබෙන ප්‍රතිචාරයක් නිසා අප අසහනයට පත්වූ විට ගලාති 6 වෙත යොමු වීම හොඳය. එහිදී අපෝස්තුළුවරයා අපට කියන්නේ අප කරන කියන දේවලදී අපගේ පරමාර්ථයන් සළකා බලන ලෙසය. අපගේ ක්‍රියා පරීක්ෂා කර බලන ලෙසය (1-4 පද). අප එසේ කළ පසුව අත් නාරින ලෙසට ඔහු අපව දිරිමත් කරයි. “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.  එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, …  යහපත්කම්කරමු.” (9-10 පද).

උන්වහන්සේ වෙනුවෙන් අප අඛණ්ඩව ජීවත්වීම දෙවියන්වහන්සේගේ බලාපොරොත්තුවයි. ඊට යාච්ඤා කිරීම සහ උන්වහන්සේ ගැන අන් අයට ප්‍රකාශ කිරීම ඇතුළත් වේ – “යහපත්කම් කිරීම”-. උන්වහන්සේ ප්‍රතිඵල ගැන බලාගන්නවා ඇත.