ටැන්සානියාවේ මාගේ මිතුරියකට දර්ශනයක් තිබුණි. ඒ ඩොඩෝමා අගනුවර පාළු ඉඩමක් සංවර්ධනය කිරීමය. එහි සිටින වැන්දඹුවන්ගේ අවශ්‍යතා ඇය තේරුම් ගෙන ඇත. රූත් උත්සාහ කරන්නේ එම වඩ වගුරු පුරවා කුකුල් පාලනය සහ ගොවිතැනට හැරවීමටය. එම දර්ශනය පදනම් වී ඇත්තේ ඇය දෙවියන්වහන්සේට දක්වන ප්‍රේමය නිසාය. ඇයට උනන්දුව ලැබෙන්නේ බයිබලයේ සිටින රූත්ගෙනි. ඒ ඇයගේ නමද එයම වන හෙයිනි.

දෙවියන්වහන්සේගේ නීතිය වූයේ විදේශීය දුගීන්ට ඉවුරු වල ඉතුරුවන දේවල් අහුලා ගැනීමට ඉඩ දීමය (ලෙවී කථාව 19:9-10). බයිබලීය රූත් විදේශිකයෙක් විය. ඒ හෙයින් කුඹුරුවල කරල් ඇහිලීමට ඉඩ තිබුණි. ඇය තමාට සහ තම නැන්දණියට ඇති තරම් කරල් ඇහින්දාය. ඥාති බෝවස්ගේ කුඹුරේ ගොයම් ඇහිලීමට යාමෙන් ඇයටද නායෝමිටද අවසානයේ නිවසක්ද රැකවරණයක්ද ලැබුණි. රූත් ඇයගේ දක්ෂතාවයද උත්සාහයද දිනය තුළ ක්‍රියාත්මක කළාය. ඇය ඉවුරුවල ඇති ගොයම් ඇහින්දාය. දෙවියන්වහන්සේ ඇයට ආශිර්වාද කළ සේක.

මාගේ මිතුරිය වන රූත්ගේ ආදරයද බයිබලීය රූත්ගේ කැපවීමද දුගීන්ට සහ සමාජයේ මිරිකී සිටින අයට දෙවියන්වහන්සේ සලකන ආකාරය මට ප්‍රදර්ශනය කරන්නේය. අපගේ සමුහනයේ සිටින අයට උපකාර කිරීමට මාර්ග සෙවීමට ඔවුහු මා ජ්වලිත කරති. ඊටත් වඩා අපට සියල්ල දෙන තැනන්වහන්සේට තුති ප්‍රකාශ කිරීම පිණිසය. අන් අයට දයාව පාමින් ඔබ දෙවියන්වහන්සේට කරන නමස්කාරය ව්‍යාප්ත කරන්නේ කෙසේද?