මා දිනක් නිවසට එන විට අපගේ වාහනය නතර කරන ස්ථානය අසළ අඩි උස කාන්තා සපත්තු යුගලයක් තිබුණි. මම එය කාගේදැයි ස්ථිරවම දැන සිටියෙමි. ඒ හෙයින් මගේ දුව වන ලීසා ඇයගේ දරුවන් ගෙන යාමට එන විට ඇයට දීමට ඒවා ගරාජය තුළ තැබීමි. නමුත් ලීසාගෙන් ඇසූ විට ඒවා ඇයගේ නොවන බව ඇය ප්‍රකාශ කළාය. ඇත්තෙන්ම අපගේ නිවසේ කිසි කෙනෙකු ඒවා තමාගේ යයි නොකීහ. එසේ හෙයින් ඒවා හමුවු ස්ථානයේම මම ඒවා තැබීමි. ඊළඟ දවසේ ඒවා එහි තිබුණේ නැත. අභිරහසකි!

පාවුල් තම ලිපි වල අභිරහසක් ගැන සඳහන් කරන බව ඔබ දන්නවාද? එම අභිරහස චිත්‍රපටිවල ඇති අභිරහස්වලට වඩා බොහෝ උසස්ය. එපීස 3 හි වෙනත් පරම්පරාවල අයට එළිදරව් නොකළ අභිරහසක් ගැන පාවුල් කථා කරයි (5 පදය). එම අභිරහස නම් අතීතයෙහි දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් තුළින් තමන්වහන්සේව එළිදරව් කළ නමුත් දැන් යේසුස්වහන්සේ තුළින් අන්‍යජාතීන්ටද ඉශ්‍රායෙල් සමග උරුමක්කාරයන් විය හැකිය (6 පදය) කියාය.

එහි අර්ථය ගැන සිතා බලන්න! යේසුස්වහන්සේව ගැළවුම්කරුවාණන් ලෙස පිළිගන්නා සියල්ලන්ට එක්වී ප්‍රේමයෙන් දෙවියන්වහන්සේට සේවය කළ හැකිය. අප සියල්ලන්ට නිදහසින් සහ සහතිකයෙන් (12 පදය) දෙවියන්වහන්සේට ළංවිය හැකිය. සභාවේ එක්සත්කම තුළින් ලෝකයද දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සහ යහපත්කම දකිනු ඇත (10 පදය).

අපගේ ගැළවීම නිසා දෙවියන්වහන්සේට තුති කරමු. සෑම වට පිටාවකම ජනතාව යේසුස්වහන්සේ තුළ එකතුවන විට එය අපට එකමුතුකමේ අභිරහස එළිදරව් කරයි.