එමිලි බ්‍රොන්ටේගේ “වදරින් හයිට්ස්” නැමති නවකථාවේ දබරකාරී පුද්ගලයෙකු අන් අය විවේචනය කිරීමට නිතරම බයිබලය භාවිතා කරන්නේ “අන් අය වෙහෙසට පත් කරන තම ධර්මිෂ්ඨකමින් පිරි පරිසියෙකු ලෙසය. ඔහු බයිබලය පිරික්සීමට රේක්කයක් හෝ භාවිතා කර පොරොන්දු ඔහුට අදාළ කර ගෙන ශාප අසල්වාසීන් වෙත විසිකරන කෙනෙක්” කියාය.

එය උපහාසාත්මක වාක්‍යයකි. එය අපට සමහරුන් මතකයට ගෙන ආ හැකිය. නමුත් අප සියල්ලෝ ටිකක් ඊට සමාන නේද? අන් අයගේ වැරදි හෙළා දැකීමට අපි ඉක්මන්ය. නමුත් අපගේ වැරදි වලට සමාවට හේතු කියන්නෙමු.

නමුත් බයිබලයේ සමහරුන් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දෙය කළෝය. අන් අයව ගැළවීමට හැකි නම් ඔවුන් තමන් සතු දෙවියන්වහන්සේගේ පොරොන්දු අත්හැර ශාපය ලැබීමට හෝ කැමති වූහ. මෝසෙස් දෙස බලන්න. ඉශ‍්‍රායෙල්වරුන්ට සමාව නොලැබීමට වඩා තමන්ගේ නම දෙවියන්වහන්සේගේ පොතෙන් මකා ගැනීමට ඔහු කැමති විය (නික්මයාම 32:32). නැතිනම් පාවුල් ගැන කල්පනා කරන්න. ඔහුද කීවේ තමන්ගේ සෙනග ක්‍රිස්තුස්වහන්සේ දැන ගන්නවා නම් ඔහු ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වීමට පවා කැමති බවය (රෝම 9:3).

සාමාන්‍යයෙන් තමාගේ ධර්මිෂ්ඨකම ගැන අපි සිතන්නෙමු. එසේ වුවද තමන්ට වඩා අන් අයට ප්‍රේම කරන අයව දේව වචනයේ උපුටා පෙන්වන්නේය.

ඒ අවසානයේ එම ප්‍රේමය යේසුස්වහන්සේව පෙන්නුම් කරන නිසාය. “තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා ප්‍රේමයක් නැත” කියා යේසුස්වහන්සේ ඉගැන්වූ සේක (යොහන් 15:13). අප උන්වහන්සේ දැන ගැනීමටත් පෙර උන්වහන්සේ “අවසානය දක්වා” අපට ප්‍රේම කළ සේක (15:1) අපට ජීවිතය දෙන පිණිස උන්වහන්සේ මරණය තෝරා ගත් සේක.

දැන් අපව දෙවියන්වහ්නසේගේ පවුලට කැඳවා ඇත. ඒ එලෙස ප්‍රේම කිරීමටත් ප්‍රේමය ලැබීමටත්ය (15:9-12). ක්‍රිස්තුස්වහන්සේගේ සිතා ගත නොහැකි ප්‍රේමය අප අන් අය වෙත වගුරුවන විට ලෝකය උන්වහන්සේගේ ඡායාවක් දකිනු ඇත.