වෙහෙසකාරී දිර්ඝ දිනයක් අවසානයේ ඇගේ විද්‍යුත් පණිවුඩය මට ලැබුණි. මා එය විවෘත කළේ නැත. පවුලේ රෝගී සාමාජිකයෙක්ගේ තදබල රෝගය පාලනය කිරිම ගැන මම අතිකාල සේවයේ යෙදී සිටියෙමි. එසේ හෙයින් සමාජ බාධාවලට මට කාලය නොතිබුණි.

පසුදින උදෑසන මම මාගේ මිතුරියගේ පණිවුඩය බැලීමි. එවිට මම එම ප්‍රශ්නය දුටුවෙමි. “ඔබට උපකාර කිරීමට මට මෙනවා හරි කරන්න පුළුවන්ද?” ලැජ්ජාවට පත්වී “නැහැ” කීමට පටන් ගත්තෙමි. ඉන්පසුව මම ගැඹුරු හුස්මක් ගෙන නිශ්චල වීමි. එම ප්‍රශ්නය හුරුපුරුදු නැතිනම් දිව්‍යමය දෙයක් බව මට වැටහුණි.

ඊට හේතුව යේසුස්වහන්සේ එම ප්‍රශ්නය ඇසු හෙයිනි. යෙරිකෝ පාරේ සිටි අන්ධ යාචකයා මොර ගසද්දී බර්තිමේයුුස් නම්වූ මෙම මනුෂ්‍යයාගෙන් ඊට සමාන ප්‍රශ්නයක් යේසුස්වහන්සේ ඇසු සේක. “මට නුඹට උපකාර කළ හැකිද?” නැතිනම් යේසුස්වහන්සේ ඇසූ ලෙසට “මා නුඹට මක්කරනවාට නුඹ කැමතිද?” (මාර්ක් 10:51).

එම ප්‍රශ්නය විශ්මය ගෙන දෙන්නේය. එය අපට උපකාර කිරීමට කැමති සුවකරන්නාවු යේසුස්වහන්සේ පෙන්නුම් කරන්නේය. නමුත් පළමුව උන්වහන්සේ අපට අවශ්‍ය බව අප පිළිගත යුතුය. යටත්කමේ පියවරකි. වෘත්තිමය යාචක බර්තිමේයුස් අනිවාර්යයෙන් අවශ්‍යතාවයෙන් සිටියේය. ඔහු දුප්පත්ය. හුදකලාව සිටියේය. සමහර විට බඩගින්නේ විය හැකිය. එසේම ජීවිතය එපාවී විය හැකිය. නමුත් අලුත් ජීවිතයක් අවශ්‍යව යේසුස්වහන්සේට තම මූලික අවශ්‍යතාවය පැවසීය. “රබ්බෝනි පෙනීම ලබාගන්ට” යයි ඔහු කීවේය.

අන්ධ පුද්ගලයෙකුට එය අවංක ඉල්ලීමකි. යේසුස්වහන්සේ එවෙලේම ඔහුව සුව කළ සේක. මාගේ මිතුරිය මාගෙන්ද එවැනි අවංකකමක් බලාපොරාත්තු වූවාය. ඒහෙයින් මාගේ මූලික අවශ්‍යතාවය කුමක්දැයි තේරුම් ගැනීම පිණිස යාච්ඤා කිරීමට මම පොරොන්දු වුනෙමි. අද ඔබගේ මූලික අවශ්‍යතාවය ඔබ දන්නවාද? මිතුරෙකු ඇසුවොත් එය කියන්න. ඉන්පසු එම ආයාචනය තවත් ඉහළට ගෙන යන්න. දෙවියන්වහන්සේට පවසන්න.