2 වන ලෝක මහා යුද්ධය ආරම්භ කළ විටම නාසිවරු තෙරේසා පෙරෙකෝවාගේ මව්බිම වන පෝලන්තය ආක්‍රමණය කළෝය. මේ යුදෙව්වරුන්ව විනාශ කිරීමේ ව්‍යාපාරයේ ආරම්භය විය. ඇයගේ යුදෙව් අසල්වාසීන් අතුරුදහන් වීමට පටන් ගත්තෝය. නාසිවරු යුදෙව්වරු අත්අඩංගුවට ගත්හ. ඒහෙයින් තෙරේසා සහ සමහර පෝලන්ත රටවැසියන් තම අසල්වාසීන්ව නාසින් කළ සමූල ඝාතණයෙන් බේරාගැනීමට කටයුතු කළෝය. තෙරේසා යුද්ධයේ සහ යුදෙව්වන් විනාශ කිරීමේ කථාවේ ප්‍රධාන ඉතිහාසඥවරියක් විය හැකිව තිබුණි. යඩ් වෂෙම්හී ඇති යෙරුසලමේ සමූල ඝාතණ ස්මාරකයේ ජාතීන් අතර ධර්මිෂ්ඨයන් යන ලැයිස්තුවේ ඇයගේ නම ලියවිණි. ඒ නපුරේ රැල්ලට විරුද්ධව සිට ගැනීමට තරම් ඇයට තිබූ ධෛර්යය නිසාය.

නපුරට විරුද්ධව සිටීමට ධෛර්යය අවශ්‍ය වේ. පාවුල් එපීස සභාවට කීවේ “මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.” (එපීස 6:12) කියාය. මේ නොපෙනෙන බලවේගයන්ට අප කිසිකෙනෙකුට තනිව මුහුණ දිය නොහැකි කාරණයකි. ඒහෙයින් දෙවියන්වහන්සේ අපට අවශ්‍ය ආත්මික මූලාශ්‍ර (දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ) දී ඇත. ඒ යක්‍ෂයාගේ නපුරු උපක්‍රම වලට විරුද්ධව (11 පදය) සිටීමටය.

එවැනි ධෛර්යවන්ත පියවරකට අවශ්‍ය මොනවාද? අසාධාරණයකට අසුවී සිටින යමෙකු වෙනුවෙන් ක්‍රියා කිරීම විය හැකිය. ඝට්ටනයට කුමක් අවශ්‍ය වුවද අපට ධෛර්යය ලබා ගන්නට පුළුවන. නපුරට විරුද්ධව උන්වහන්සේ වෙනුවෙන් සිට ගැනීමට අවශ්‍ය කුමක් වුවද දෙවියන්වහන්සේ අපට දැනටම සපයා දී ඇත.