“ටුවින්කල් ටුවින්කල් ලිට්ල් ස්ටාර්” යනු ඉංග්‍රීසි නැළවිලි ගීතයකි. එහි පදමාලාව මුලින් ගන්නා ලද්දේ ජේන් ටේලර්ගේ කවියකිනි. එය දෙවියන්වහන්සේගේ විශ්වයේ අලංකාරය කියා පාන්නේ ඉතා ඉහළින් එල්ලා තබා ඇති තරකා ගැන සඳහන් කරමිනි. ඉඳහිට පළවන පසුව එකතු කරන ලද පදවල තාරකාව මග පෙන්වන්නෙකු ලෙස ක්‍රියා කරන්නේය. “කළුවරේ ගමන් කරන්නෙකුට ඔබගේ දීප්තිමත් කුඩා ආලෝකය ආලෝකයක් දෙන්නේය”.

පාවුල් තුමා පිලිප්පියේ සිටින ඇදහිලිවතුන්ට අභියෝග කරන්නේ කැළැල් නැතිව පවිත්‍රව අවට සිටින සියල්ලන්ට ශුභාරංචිය පතුරවමින් “අහසේ තරු මෙන් බබළන” ලෙසය (2:15-16). තරු මෙන් බබළන්නේ කෙසේදැයි අපි කල්පනා කරන්නෙමු. වෙනසක් කිරීමට අපගේ ආලෝකය ප්‍රමාණවත් කියා අපි අරගලයක යෙදෙන්නෙමු. නමුත් තරු, තරු වෙන්නට උත්සාහ නොකරති. ඒවා තරුය. ආලෝකය අපගේ ලෝකය වෙනස් කරයි. එසේම එය අපවද වෙනස් කරයි. දෙවියන්වහන්සේ භෞතික ආලෝකය අපගේ ලොවට ගෙන ආ සේක (උත්පත්ති 1:3). එසේම යේසුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ අප ජීවිතවලට ආත්මික ආලෝකය ගෙනෙන සේක (යොහන් 1:1-4).

දෙවියන්වහන්සේගේ ආලෝකය තිබෙන අප බැබළිය යුත්තේ අප අවට සිටින අය එම ආලෝකය දැක එහි මූලාශ්‍රය වෙත ඇදෙන පිණිසය. අහසේ එල්ලී සිටින තරු උත්සාහයක් නොමැතිවම ආලෝකය පතුරුවන්නා සේම අපගේ ආලෝකයද වෙනසක් ඇති කරන්නේ එහි අඩංගු දෙය නිසාය. එනම් ආලෝකයයි. සරළව බැබළෙන විට අපි පාවුල්ගේ උපදේශය අනුගමණය කරමු. ඒ ඝණ අන්ධකාරයේ සිටින ලෝකය තුළ “ජීවනයේ වචනය පාමින්” අන් අයව අපගේ බලාපොරොත්තුවේ මූලාශ්‍රය වෙත (යේසුස්වහන්සේ වෙත) ඇද ගැනීමෙනි.