මෑතක නිවාඩු කාලයකදී අපි ගිය සංචාරයක් තුළ මාත් මාගේ භාර්යාවත් සුප්‍රසිද්ධ මලල ක්‍රීඩා සංකීර්ණයක් නැරඹීමට ගියෙමු. ගේට්ටු සම්පූර්ණයෙන් විවර වී තිබුණි. ඉන් පෙන්නුම් වූයේ එය නැරඹීමට අපව පිළිගන්නා බවයි. අප පිට්ටනිය පුරා ඇවිද තණකොළ පිළිවෙලට කපා තිබූ දර්ශන භුක්ති වින්දෙමු. අප පිටවීමට යන විට කෙනෙකු අප නවතා අප එතැනට ඇතුල් විය නොයුතුව තිබුණේ යයි කේන්තියෙන් පැවසුවේය. හදිසියේම අපට අප පිටස්තරයන් බව සිහිපත් වුනි. අපට අපහසුතාවයක් ඇති වුනි.

එම නිවාඩු කාලය තුළ අපි සභාවක් බැලීමට ගියෙමු. එහිදීද දොරවල් ඇර තිබු නිසා අපි ඇතුලට ගියෙමු. කෙතරම් වෙනසක්ද! බොහෝ අය අපව පිළිගත්තෝය. අපට නිවසට ගියාක් මෙන් දැනුණි. අප එම රැස්වීමෙන් පිටව ගියේ අපට පිළිගැනීමක් ලැබුණු බව දැන ගෙනය.

නමුත් කණගාටුවට කාරණයක් නම් සමහර සභාවලට ගිය විට “නුඹලා මෙහි සිටිය නොයුතුය” යන පණිවුඩය අමුත්තන්ට අවාචිකව ලැබෙති. දේව වචනය අපට කියන්නේ සියල්ලන්ට ආගන්තුක සත්කාර කරන ලෙසය. අපට මෙන් අපගේ අසල්වාසීන්ට ප්‍රේම කරන්න කියා යේසුස්වහන්සේ කී සේක. අනිවාර්යයෙන්ම එයින් පැවසෙන්නේ ඔවුන් අප ජීවිතවලට සහ අපගේ සභාවලට පිළිගැනිමය (මතෙව් 22:39). හෙබ්‍රෙව් පොතෙහි අපට මතක් කරන්නේ “ආගන්තුක සත්කාර” කරන්න කියාය. ලූක් සහ පාවුල් අපට උපදෙස් දෙන්නේ සමාජීය සහ භෞතික අවශ්‍යතාව ඇති අයට සැලකීමටය (ලූක් 14:13-14; රෝම 12:13). එසේම ඇදහිලිවතුන් අතර ප්‍රේමය පෙන්වීමේ විශේෂ කැඳවීමක් අපට තිබේ (ගලාති 6:10).

අපි සියලු මනුෂ්‍යයින් විවෘතව පිළිගෙන ක්‍රිස්තුස්වහන්සේගේ මෙන් ප්‍රේමයකින් ඔවුන්ට ප්‍රේම කරන විට ගැළවුම් කරුවාණන්ගේ ප්‍රේමය සහ සානුකම්පාව අපි පෙන්වන්නෙමු.