අප්‍රිකාවේ දේශීය බසකට පරිවර්තනය වූ බයිබලයක් මුදා හැරීමේ උත්සවයකදී ඒ ප්‍රදේශයේ නායකයාට ඔහුගේ පිටපත පිරිනැමුණි. ඔහු එය අගය කරමින් එය ඉහලට ඔසවා “දෙවියන්වහන්සේ අපගේ භාෂාව දන්නා බව අපි දැන් දන්නවා. අපගේ මව් භාෂාවෙන් අපට දේව වචනනය කියවන්න පුළුවන්” කියා කෑ ගැසීය.

අපගේ භාෂාව කුමක් වුවද දෙවියන්වහන්සේට එය වැටහේ. නමුත් බොහෝ විට අපගේ ගැඹුරු ආශා උන්වහන්සේට ඉදිරිපත් කරන්න අපට නොහැකි වේ. අපට කෙසේ හැඟුණද යාච්ඤා කරන්න කියා පාවුල් තුමා අප දිරිමත් කරයි. පාවුල් අපගේ දුක් විඳින ලෝකය සහ අපගේ වේදනාව ගැන කථා කරයි. “දරු ප්‍රසූතියකදී මෙන් මුළු ලෝකයම කෙඳිරි ගාන්නේය” (රෝම 8:22). ඔහු එය ශුද්ධාත්මයාණන් අප වෙනුවෙන් කරන ක්‍රියාවට සමාන කරන්නේය. “ආත්මයාණන් අපගේ දුර්වල කමේදී” අපට උපකාර කරයි කියා ඔහු ලියයි. අප යාච්ඤා කළ යුතු විධිය අප නොදනිමු. නමුත් අවාචික කෙඳිරිගෑම්වලින් ආත්මයාණන් යාච්ඤා කරන සේක (26 පදය).

දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ අපව සමීප ලෙසින් දන්නා සේක. උන්වහන්සේ අපගේ ගැඹුරු ආශාද අපගේ හදවතේ භාෂාවද අපගේ නිශ්චල අදහස්ද දන්නා සේක. උන්වහන්සේ අප දෙවියන්වහන්සේ සමග කරන අදහස් හුමමාරුවේදී අපට උපකාර කරන සේක. උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ස්වරූපයට අපව වෙනස් කරන පිණිස අපව ඇද ගන්නා සේක (29 පදය).

අපගේ ස්වර්ගීය පියාණන් අපගේ භාෂාව තේරුම් ගනී. උන්වහන්සේගේ වචනය තුළින් අපට කථා කරන සේක. අපගේ යාච්ඤා කෙටි වැඩිය හෝ දුර්වලය කියා අපි සිතන විට පියාණන්ට අප තුළින් කථා කරමින් ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උපකාර කරන සේක. යාච්ඤාවෙන් උන්වහන්සේට කථා කරන තුරු උන්වහන්සේ ආශාවෙන් බලා සිටින සේක.