කුඩා අවධියේදී මා ගමේ කුඩා පුස්ථකාලයට යෑමට ආශා කළෙමි. එක් දිනක් මම යෞවන වැඩිහිටි අංශයේ පොත් රාක්කය දෙස බලමින් සිටියෙමි. සියලු පොත් කියවීමට මට හැකි යැයි මම සිතා සිටියෙමි. මාගේ උනන්දුව නිසා මට එක් වැදගත් දෙයක් අමතක විය. එනම් රාක්ක වලට නිතිපතා අළුත් පොත් එකතු වන බවයි. මම දැඩි උත්සාහයක් ගත්තද පොත් ගණන ඉතා වැඩි විය.

අලුත් පොත්වලින් රාක්ක දිනපතා පිරුණි. අපෝස්තලු යොහන් විසින් පැපිරස් අකුළන පොත්වල තම අතින්ම ලිවූ නව ගිවිසුමේ පොත් පහ වන යොහන් ශුභාරංචිය, 1, 2 සහ 3 යොහන් සහ එළිදරව් පොත අවසන් කළ පසුව එකතු වී ඇති පොත් ගණන ගැන ඔහු විශ්මයට පත් වනු ඇත.

යොහන් ඒ පොත් ලීවේ යේසුස්වහන්සේගේ ජීවිතය හා සේවය ගැන ඇසින් දුටු අයගේ වාර්තාවක් (1 යොහන් 1:1-4) කිතුණුවන්ට දෙන්න යයි, ශුද්ධාත්මයාණන් ඔහුට පෙළඹවීමක් දුන් නිසාය. නමුත් යොහන්ගේ ලියවිලිවල අඩංගු වූයේ යේසුස්වහන්සේ කළ කී දේවල අල්ප මාත්‍රයක් පමණි. “ලියනු ලබන පොත් දරන්ට ලෝකයත් මදිය” (යොහන් 21:25).

යොහන්ගේ ප‍්‍රකාශය අද සත්‍යයක්ව පවතී. යේසුස්වහන්සේ ගැන ලියන ලද සියලු පොත් තිබුණද උන්වහන්සේගේ ප්‍රේමය සහ අනුග්‍රහය ගැන සියලු කථාවන් දැරීමට ලෝකයේ පුස්තකාල මදිය. අපට බෙදා ගැනීමට හැකි පුද්ගලික කථාන්දර ගැන අපට ප්‍රීති විය හැකිය. ඒවා සදාකාලයට ප්‍රකාශ වනු ඇත (ගීතාවලිය 89:1).