පිටත කාලගුණය තර්ජනාත්මක විය. ජල ගැල්මක් එන බවට මාගේ ජංගම දුරකථනයට අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ආවේය. දරුවන් ගෙන යාම පිණිස අසාමාන්‍ය වාහන සංඛ්‍යාවක් අප නිවස අසළ බස් නැවතුම් පළ අවට සැරි සැරීය. බසය පැමිණෙන විට වර්ෂාව පටන් ගත්තේය. එක් ස්ත්‍රියක් තම රථයෙන් බැස කුඩයක් ඉහළා ගන්නවා මම දුටුවෙමි. ඇය කුඩා දැරියක් සමීප කර ගෙන ඇයව වර්ෂාවෙන් ආරක්‍ෂා කර ගෙන වාහනය වෙත ගෙන ගියාය. මාපිය ආරක්‍ෂාව සහ සැළකිල්ල දැක්වෙන කෙතරම් අලංකාර සත්‍ය මොහොතක්ද! එය මට ස්වර්ගීය පියාණන්ගේ රැකවරණය සිහිපත් කළේය.

අනාගතවක්තෘ යෙසායා අකීකරුකමට ලැබෙන දඬුවම ගැන අනාවැකි කීවේය. නමුත් ඊළඟට කීවේ දෙවියන්වහන්සේගේ සෙනගට ලැබෙන යහපත් දිනයන් ගැනය (යෙසායා 40:1-8). කඳුවලින් එන්නාවූ ස්වර්ගීය හමුදාව (9 පදය) දෙවියන්වහන්සේගේ බලවත් අභිමුඛය සහ මෘදු රැකවරණය ඉශ්‍රායෙල්ට සහතික කලේය. එදත් අදත් අපට ඇති ශුභාරංචිය නම් දෙවියන්වහන්සේගේ බලය සහ පාලන අධිකාරිය නිසා කණස්සලු හදවත් බිය විය යුතු නැති බවය (9-10 පද). දැන්වීමට ඇතුළත් වූ කරුණක් නම් එඬේරෙකුගේ රැකවරණය මෙන්වූ දෙවියන්වහන්සේගේ රැකවරණයයි (11 පදය). අවදානමට ලක්විය හැකි බැටළුවෝ එඬේරාගේ දෑතෙහි රැකවරණය සොයා ගනිති. ගර්භණී දෙනුන් මෘදු ලෙස ගෙන යනු ලබයි.

අසීරු අවස්ථා ඇති ලෝකයක රැකවරණයේ සහ සැලකිල්ලේ එවැනි රූපක අප පොළඹවන්නේ ස්වාමින්වහන්සේ කෙරෙහි ස්ථිරව බැලිමටය. ස්වාමින්වහන්සේ වෙත මුළු විශ්වාසයෙන් බලන අයට රැකවරණය ලැබේ. ඔව්හු උන්වහන්සේ තුළ ශක්තිය අලුත් කර ගනිති (31 පදය).