ජල බිල්පත් පුදුමාකාර ලෙස වැඩිවීම අසාමාන්‍ය නොවේ. උතුරු කැරොලිනාවේ කිරන් හීලිට ලැබුණු ජල බිල්පත හදවත නවතින වර්ගයේ එකකි. බිල පැවසුවේ ඔහු ඩොලර් මිලියන 100 ක් ණය බවය. පෙර මාසයේ එතරම් ජලය භාවිතා නොකළ බව ඔහුට ස්ථිර විය. එහෙයින් ඔහු විහිළුවට මෙන් ඇසුවේ කොටස් වශයෙන් එය ගෙවන්නට පුලුවන්ද කියාය.

ඩොලර් මිලියන 100 ක ණයක් තිබීම දරාගත නොහැකි බරකි. නමුත් පාපය නිසා අපට දැරීමට සිදුවන බර මැණිය නොහැකිය. අපගේ පාප බර තනිවම ඔසවා ගෙන යාමට උත්සාහ කිරීම අපව වෙහෙසින්ද දොස් තබා ගැනීමෙන් සහ ලැජ්ජාවෙන්ද අපව පූර්ණ කරන්නේය. සත්‍යය නම් අපට මෙම බර ඔසවා ගෙන යා නොහැකි බවයි.

එය කිසිවිටෙක අපගෙන් බලාපොරොත්තු නොවේ. පේත්‍රැස් ඇදහිලිවතුන්ට මතක් කළ ලෙස අපගේ පාප රහිත දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ට පමණක් අපගේ පාප බරද එහි ප්‍රතිඵලද එසවිය හැකි බවයි (1 පේත්‍රැස් 2:24). උන්වහන්සේගේ කුරුසියේ මරණයේදී අපගේ සියලු වැරදි උන්වහන්සේ මතට ගෙන අපට උන්වහන්සේ සමාව දී වදාළ සේක. උන්වහන්සේ අපගේ බර ඉසිලූ නිසා අපට සුදුසුවූ දඬුවම අප ඔසවා ගෙන යා යුතු නැත.

බියෙන් සහ දොස් තබා ගැනීමෙන් එනම් අපට උරුමවූ ජීවිත ක්‍රමය ගත නොකර (1:18) අපට අලුත් ක්‍රමයේ ප්‍රේමයක් සහ නිදහසක් භුක්ති විඳිය හැකිය (22-23 පද).